මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා ඉන්දියාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශකවරයා හමුවී සහයෝගීතාව සඳහා පවත්නා ප්‍රමුඛතා ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා පවත්වයි

මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා ඉන්දියාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශකවරයා හමුවී සහයෝගීතාව සඳහා පවත්නා ප්‍රමුඛතා ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා පවත්වයි

 2022 ජනවාරි 16 වැනි දින ඉන්දියාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක ශ්‍රී අජිත් කුමාර් දොවාල් මහතා හමු වූ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා, ඉන්දු ශ්‍රී ලංකා සබඳතා පිළිබඳ කරුණු සාකච්ඡා කළේ ය. දෙරටේ අන්‍යෝන්‍ය උපායමාර්ගික අවශ්‍යතා සහ සහයෝගීතාව සඳහා පවත්නා ප්‍රමුඛතා ක්ෂේත්‍ර පිළිබඳව මෙම සාකච්ඡාවේ අවධානය යොමු විය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශකවරයා අතර නිරන්තරයෙන් සහ අඛණ්ඩව පැවැත්වෙන සංවාදයේ කොටසක් ලෙස මෙම හමුව පැවැත්විණි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2023 ජනවාරි 17 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close