මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ගරු ආරාධිත අමුත්තකු සහ කථිකයකු ලෙස ධාරා උත්සවයට (Dhara Event) සහභාගී වේ

මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ගරු ආරාධිත අමුත්තකු සහ කථිකයකු ලෙස ධාරා උත්සවයට (Dhara Event) සහභාගී වේ

ඉන්දියාවේ සංස්කෘතික සබඳතාව, එරට සබඳතා සහ අග්නිදිග ආසියාව සමඟ නිරත වන ඉදිරි ගමන පිළිබඳව විදහා දැක්වීම සඳහා, අධ්‍යාපන අමාත්‍යංශයේ සමස්ත ඉන්දීය තාක්ෂණික අධ්‍යාපන කවුන්සිලයේ ඉන්දියානු දැනුම් පද්ධති (IKS) අංශය, එරට සංස්කෘතික අමාත්‍යංශය සමඟ එක්ව 2023 ජනවාරි 09 වැනි දින මුම්බායි හි උත්සවයක් සංවිධානය කළේ ය.

සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුම්බායි හි සිටින කොන්සල් ජනරාල්වරු මෙම අවස්ථාවට සහභාගී වී දේශන පැවැත්වූ හ. ප්‍රමුඛ පෙළේ පර්යේෂණ සංවිධාන, චින්තන සමූහ, පශ්චාද් උපාධි සහ දර්ශන විශාරද උපාධි හදාරන සිසුහු මෙම අවස්ථාවට සහභාගී වූ අනෙකුත් පිරිසට ඇතුළත් වූහ.

සිය දේශනය ඉදිරිපත් කළ මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ආචාර්ය වල්සන් වෙතෝඩි මහතා, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන සංස්කෘතික සබඳතා සංකේතවත් කරන හින්දු සහ බෞද්ධාගමික සබඳතා පිළිබඳව අදහස් දැක්වී ය. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානියක් නොවන පරිදි යොදා ගන්නා සියුම් රාජ්‍යතාන්ත්‍රික ක්‍රමවේද හා සබැඳි සහයෝගීතාව සඳහා පවතින අවස්ථා ඉස්මතු කරමින් එතුමා සිය දේශනය අවසන් කළේ ය. එතුමාගේ දේශනයෙන් අනතුරුව අන්තර් ක්‍රියාකාරී සැසියක් පැවැත්විණි.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

මුම්බායි

2023 ජනවාරි 17 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close