සීෂෙල්ස්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට ඉක්මනින් ආපසු පැමිණීමට රජය පහසුකම් සලසයි

සීෂෙල්ස්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට ඉක්මනින් ආපසු පැමිණීමට රජය පහසුකම් සලසයි

ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට අවශ්‍ය බවට ලියාපදිංචි වී ඇති සීෂෙල්ස්හි වෙසෙන, එහි රුකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් පිරිස සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා රජය මෙරටේ දැනට පවතින රෙගුලාසිවලට හා පවතින නිරෝධායන පහසුකම්වලට අනකූලව ඔවුන්ට ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට පහසුකම් සැලසීමට කටයුතු සූදානම් කරමින් සිටියි.

සීෂෙල්ස්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයන් සමඟ අඛණ්ඩව සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් සිටින අතර සහාය අවශ්‍ය වී සිටින ශ්‍රී ලාංකිකයන්ට සහාය ලබා දීම සඳහා දූත මණ්ඩලයේ නායකත්වය යටතේ, ශ්‍රී ලාංකිකයන්ගේ සංගමය, සීෂෙල්ස් බෞද්ධ සංගමය හා ලක්ස්ටර් ක්‍රිකට් කමිටුව ඇතුළත්ව ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම දූත මණ්ඩලය ශ්‍රී ලාංකික ප්‍රජාවේ ඉල්ලීම මත ඔවුන්ට ආහාර ද්‍රව්‍යය ද බෙදා දී තිබෙන අතර ශ්‍රී ලාංකිකයන්ට නිරන්තරයෙන්ම දූත මණ්ඩලය හා සම්බන්ධ විය හැකි පැය 24 පුරාම ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් සේවයක් ද ස්ථාපනය කොට තිබේ.

රැකියා අහිමි වීම, රැකියා කොන්ත්‍රාත්තව අවසන් වීම හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යතා යන හේතූන් නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය බව දන්වා ගුවන් ප්‍රෙව්ශපත්‍ර මිලදී ගෙන සිටින මෙම දූත මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති ශ්‍රී ලාංකිකයන් රැසක් සමඟ දූත මණ්ඩල දිගින් දිගටම සන්නිවේදන කටයුතු සිදු කර තිබේ. ඔවුහු බොහොමයක් දැනට සීෂෙල්ස්හි දූපත් පහක විසිරී සිටිති.

සීෂෙල්ස්හි, 2020 මැයි 11 දින වන විට    COVID-19 එක් ආසාධිතයෙක් පමණක් සිටි අතර 2020 අප්‍රේල් 06 දින 11 වැනි ආසාධිතයා සොයා  ගැනීමෙන් පසුව COVID-19 කිසිදු ආසාධිතයෙකු එරටින් වාර්තා වී නොමැත.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය
සීෂෙල්ස්
2020 මැයි 27
Print Friendly, PDF & Email
Please follow and like us:

Close