රොමේනියාවේ සිටින ශ්‍රී ලාංකික සේවකයින් 36 දෙනෙකට නව රුකියා ඉඩ ප්‍රස්ථා හිමි වෙයි

රොමේනියාවේ සිටින ශ්‍රී ලාංකික සේවකයින් 36 දෙනෙකට නව රුකියා ඉඩ ප්‍රස්ථා හිමි වෙයි

රොමේනියාවේ බුඩාරෙස්ට් ගුවන් තොටුපළේ අතරමංව  සිටි ශ්‍රී ලාංකික සේවකයන් 36 දෙනා සඳහා තව දුරටත් එහි රැදී සිටිමින් නව රැකියාවන්හි නියැලීමට, රොමේනියාවේ කම්කරු අමාත්‍ය වයොලෙමා ඇලෙක්සැන්ඩෘ මැතිණියගේ මැදිහත් වීම මත අවස්ථාව ලැබී ඇත. මීට ඉහතදී මෙම ශ්‍රී ලාංකික සේවකයන්  සේවය කළ ආයතනයේ බොහෝ පිරිසක් COVID-19 ආසාධිත බවට සැක කරන බව සොයා ගැනීම හේතුවෙන්, එම ආයතනයේ සේවය කිරීම මෙම පිරිස  ප්‍රතික්ෂේප කර තිබේ.

රොමේනියාව සඳහා අක්ත ගන්වා ඇති වෝර්සොහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, මෙම ශ්‍රී ලාංකිකයන් සදහා ඉඳුම් හිටුම් පහසුකම් හා වෙනත් අවශ්‍යතා සැපයීම සඳහා රොමේනියාවේ කම්කරු අමාත්‍යාංශයේ හා වෙනත් සංවිධානවල පහසුකම් ලබා ගනිමින් ක්‍රියා කරමින් සිටියි .

මේ අනුව රොමේනියාවේ රැකියාවල අඛණ්ඩව නියැලීමට හැකි වන පරිදි ශ්‍රී ලාංකික සේවකයින් 36 දෙනෙකුට විකල්ප සේවා යෝජකයෙකු ලබා දී තිබෙන බව අද දින (මැයි 27) රොමේනියානු රජය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දන්වා තිබේ.

මෙම කාරණය මිත්‍රශීලීව සමථයකට පත් කිරීමට රොමේනියානු රජය විසින් ගෙන ඇති මෙම ක්‍රියාව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රශංසාවට ලක් විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙ

වෝර්සෝ

2020 මැයි 27

Print Friendly, PDF & Email
Please follow and like us:

Close