වියානා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධන කෙරෙන දින දර්ශන බෙදාහරියි

 වියානා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධන කෙරෙන දින දර්ශන බෙදාහරියි

ඔස්ට්‍රියාව තුළ සහ ශ්‍රී ලංකාව සඳහා අක්ත ගන්වන ලද රටවල් අතර ශ්‍රී ලංකාව  සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ (SLTPB) සහය ලබා ගත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, 2023 වසර සඳහා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කෙරෙන දින දර්ශන නිර්මාණය කර බෙදාහැරීමට කටයුතු කළේ ය.

ඔස්ට්‍රියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, විදේශ අමාත්‍යංශයේ සහ අනෙකුත් රේඛීය ආයතනවල නිලධාරීන්, ඔස්ට්‍රියානු වාණිජ මණ්ඩලය, මාධ්‍ය කේන්ද්‍රස්ථාන, ගමනාන්ත ප්‍රවර්ධනය කරන සංවිධාන, සංචාරක ගමන් සහ ප්‍රවේශපත්‍ර නියෝජිතායතන වැනි ඔස්ට්‍රියාවේ බාහිර සංචාරක ක්ෂේත්‍රය තුළ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන පාර්ශ්ව සහ ව්‍යාපාරික ප්‍රජාව අතර මෙම දින දර්ශන බෙදාහරින ලදී.

මෙම දින දර්ශන මගින් ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ තේමා 8 වන ප්‍රමෝදය, හරවත් බව, උත්සවශ්‍රීය, උරුම, වනය සහ වන සතුන්, පෞරාණික බව, දර්ශනීය බව සහ ත්‍රාසජනක ක්‍රියාකාරකම් යන තේමා ඔස්සේ මෙරට සංස්කෘතික හා ජෛව විවිධත්වය, සුන්දරත්වය, දර්ශනීය, විශ්මිත, සාරවත් සහ බහුල වූ වෘක්ෂලතා ගහණය සහ භූ දර්ශන විදහා දැක්වේ.

මධ්‍යම යුරෝපයේ ඉහළ පෙළේ සංචාරකයන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කරගැනීම සඳහා මෙම දූත මණ්ඩලය දරන පරිශ්‍රමය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් දින දර්ශන මුද්‍රණය කර බෙදාහැරීම සඳහා දූත මණ්ඩලය සිදු කළ මුලපිරීමට ඔස්ට්‍රියාවේ සහ ඔස්ට්‍රියාව වෙත අක්ත ගන්වා ඇති අනෙකුත් රටවල නිර්වේතනික කොන්සල්වරු සිය සහය පළ කළ හ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

වියානා

2023 ජනවාරි 17 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close