මාලදිවයිනේ ජනාධිපතිවරණය

මාලදිවයිනේ ජනාධිපතිවරණය

ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය ඉහළට ඔසවා තැබීමේ තීරණාත්මක ආකාරයකින් ජනතාව සිය ඡන්ද බලය පාවිච්චි කළ මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂක ඉබ්‍රාහිම් මොහමඩ් සෝලි මහතා ජයග්‍රහණය අත්කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය ප්‍රසාදය පළ කරයි.

නිදහස්, සාධාරණ හා සාමකාමී, සාර්ථක ජනපතිවරණ ක්‍රියාදාමයක් පැවැත්වීම පිළිබඳව මාලදිවයින් රජයට සහ ජනතාවට අපි අපගේ ප්‍රශංසාව පුද කරමු.

මැතිවරණ කොමිසම තවමත් අවසන් ප්‍රතිඵල නිකුත් කොට නොමැති වූවද, සෝලි මහතාගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් අපි ඔහුට සුබ පතන අතර, මාලදිවයින සහ  ශ්‍රී ලංකාව අතර ඇති සබඳතා වඩාත් ඉහළ තලයකට රැගෙන ඒම සඳහා ඔහු සහ මාලදිවයිනේ ජනතාව සමඟ සමීපව කටයුතු කිරීමට උදක්ම අපේක්ෂා කරමු.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2018 සැප්තැම්බර් 24 වැනිදා
Print Friendly, PDF & Email
Please follow and like us:

Close