කොළඹ පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය නීති අමාත්‍යවරුන්ගේ සමුළුවට සමගාමීව පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම්වරයා කඩොලාන ප්‍රදේශ‍යක් නැරඹීමට යයි

කොළඹ පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය නීති අමාත්‍යවරුන්ගේ සමුළුවට සමගාමීව පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම්වරයා කඩොලාන ප්‍රදේශ‍යක් නැරඹීමට යයි

01

පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම්වරිය විදේශ කටයුතු හා මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශවල නිලධාරීන් හා “ඉන්සී” නියෝජිතයින් සමග

කඩොලාන වගාව වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව ලබා දී ඇති දායකත්වය අගය කරමින්, පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් පැට්ට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මැතිතුමිය නොබෝදා කොග්ගල, වාද්දුවේ කඩොලාන වන වගා ප්‍රදේශයක් නැරඹීම සඳහා  කෙටි සංචාරයක ‍නියැලිණි.   නිවර්තන වනාන්තරවලට වඩා 2-4 ගුණයක් ඉක්මවිමින් කාබන් අවශෝෂණය කර ගැනීමේ හැකියාව සම්බන්ධයෙන්, කඩොලාන ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොව මුළු ලෝකයාටම ප්‍රතිලාභ අත්කර දෙනු ඇත.

ශ්‍රී ලංකාව, සාගර ආර්ථික සංවර්ධනය හා සුරක්ෂිතභාවය සඳහා සාධාරණ, යුක්තිසහගත, සියල්ල ඇතුළත් හා තිරසර ප්‍රවේශයක් අපේක්ෂා කරන පොදු රාජ්‍ය මණ්ඩලයීය නිල් ප්‍රඥප්තිය යටතේ කඩොලාන පරිසර පද්ධති හා ජීවන වෘත්තීන් (MELAG) පිලිබඳ පොදු රාජ්‍ය මණ්ඩලයීය නිල ප්‍රඥප්ති ක්‍රියාකාරි කණ්ඩායමේ පෙරමුණ ගෙන කටයුතු කරයි.  මේ අනුව, ශ්‍රී ලංකාව විසින් කඩොලාන පරිසර පද්ධති හා ජීවනෝපාය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ පළමු රැස්වීම මෙම වසරේ ඔක්තෝබර් මුල් භාගයේදී පවත්වන ලද අතර කඩොලාන පරිසර පද්ධතිවල දත්ත සමුදායක් සැකසීම, කඩොලාන නැවත වගා කිරීම පිළිබඳ තාක්ෂණික විශේෂඥභාවය බෙදා හදා ගැනීම, සහ ප්‍රජා හවුල්කාරිත්වය සහ නෛතික රාමු ශක්තිමත් කිරීම යන ක්‍රියාකාරකම් මීට ඇතුළත් විය.  මෙම ක්‍රියාකාරී කණ්‍ඩායම පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවලට පමණක් සීමා වී නොමැති අතර එය වෙනත් රටවලට, පෞද්ගලික අංශයට හා ප්‍රජා මූලික සංවිධාන (CBOs) හා ‍කඩොලාන පරිසර පද්ධති හා ජීවනෝපාය සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වන සියල්ලටම පොදු වූ ක්‍රියාකාරී කණ්ඩායමකි.

මෙම ක්‍රියාකාරී  කණ්ඩායමේ පළමු රැස්වීම මගින්, කැරිබියානු, අප්‍රිකානු, ආසියානු රටවල් හා ඕස්ට්‍රේලියාව ද ඇතුළුව සමාජික රටවල් 09 ක විශේෂඥවරුන් මෙන්ම ශ්‍රී ලංකාවේ කඩොලාන වන වගාවේ නියැලී රාජ්‍ය හා අධ්‍යයන විශේෂඥවරුන්, පෞද්ගලික අංශ හා ප්‍රජා මූලික සංවිධාන ඒකරාශී කළේය. මෙය සාගර හා  දේශගුණික විපර්යාස, තිරසාර ජලජීවි වගාව, කොරල්පර වගා කිරීම, සාගර නිරීක්ෂණ, සමුද්‍රීය ආරක්ෂිත ප්‍රදේශ, සාගර ආම්ලිකරණය, නිල් ආර්ථිකය, සාගරයේ ප්ලාස්ටික් දූෂණය පිළිබදව කටයුතු කරන පිරිසිදු සාගර සංධානය යන ක්ෂේත්‍ර ආවරණය කරමින් පොදු රාජ්‍ය මණ්ඩලයීය නිල් ප්‍රඥප්ති ක්‍රියාකාරි කණ්ඩායම් සමග කටයුතු කිරීමේ පුරෝගාමි ආකෘතියක් ලෙස සැලකිය හැකිය.

2018 වසරේ අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ නියැලුණු සංචාරයකදී, මෙම මහ ලේකම්වරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග සමීපව කටයුතු කරන ප්‍රජා මූලික දේශීය සංවිධානයක් වන “සදීස” විසින් කළමනාකරණය කරන හලාවත - පම්බල කළපුවේ පිහිටි ‍කඩොලාන ප්‍රදේශයේ Ceriops decandra විශේෂයේ කඩොලාන පැළයක් රෝපණය කළාය.

කඩොලාන පරිසර පද්ධති, ලොව දරුණුතම වඳවීමේ තර්ජනයකට මුහුණ දී ඇති නිවර්තන පරිසර පද්ධතියක් වන හෙයින්ද, කාබන් හි බලපෑම  අඩු කිරීම සඳහා කඩොලාන පරිසර පද්ධතිවල දායකත්වය සැලකිල්ලට ගනිමින්ද, 2019 ජුනි 05 වන දිනට යෙදී ඇති ලෝක පරිසර දිනය සමරමින්ද, “ ඉන්සී සිමෙන්ට්”, ආයතනය, දකුණු ප්‍රදේශයේ ගාල්ලේ “ඉන්සී සිමෙන්ට්” නිෂ්පාදනාගාරය සමීපයේ පිහිටි කොග්ගල කලපුවේ කඩොලාන සංරක්ෂණය කිරීම සඳහා පොරොන්දු ලබා දී තිබේ. ශ්‍රී ලංකාවේ දැකිය හැකි සත්‍ය කඩොලාන විශේෂ 22න් විශේෂ 10ක්ම කොග්ගල කලපුවේ දක්නට ලැබේ.  ලොව කඩොලාන විශේෂ අතුරෙන් 1/3ක් ශ්‍රී ලංකාව සතු වේ.

මෙම ක්ෂේත්‍ර චාරිකාවට කඩොලාන පැළ තවානක් හා දේශීය ප්‍රජා මූලික සංවිධානවල ‍(CBO) තොරතුරු මධ්‍යස්ථානයක් නැරඹීමද, Rhizphora mucronata (මහ කඩොල්) විශේෂයේ කඩොලාන පැළයක් රෝපනය කිරීමද ඇතුළත් විය.

මෙම සංචාරය මගින්, ශ්‍රී ලංකාව එහි සිදු කරමින් සිටින කටයුතු ප්‍රසිද්ධියට පත්විය; 2018 අප්‍රේල් මාසයේ ලන්ඩන් නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය ආණ්ඩු ප්‍රධානීන්ගේ රැස්වීමේදී (CHOGM) ශ්‍රී ලංකාව, මෙම කඩොලාන පරිසර පද්ධති හා ජීවනෝපාය පිළිබඳ ක්‍රියාකාරි කණ්ඩායමේ (MELAG) පෙරමුණ ගෙන කටයුතු කරන බවට ප්‍රතිඥා දුන්නාය; ජාතික ප්‍රතිපත්තියක් හා මාර්ගෝපදේශ සැකසීම හා කඩොලාන පුනරුත්ථාපනය/ නැවත වගා කිරීම සඳහා හෙක්ටයාර දහ හතර දහසක් (14,000) ප්‍රකාශයට පත් කිරීම මෙන්ම කඩොලාන පිළිබදව විශේෂඥ කණ්ඩායමක් හා කාර්ය සාධන බළකායක් පිහිටුවීම මේ අතර වේ.

පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් තුමියගේ මාණ්ඩලික ප්‍රධානි, ජ්‍යෙෂ්ඨ සන්නිවේදන නිලධාරි, විදේශ කටයුතු අමාත්‍යාංශය හා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල  ජ්‍යෙෂ්ඨ නිලධාරිහු හා “ඉන්සී සිමෙන්ට්” හි ශ්‍රී ලංකාවේ සමාගම් සන්නිවේදන හා කීර්තිනාම කළමනාකරු ද මහ ලේකම්වරිය සමග මෙම කෙටි සංචාරයට එක් වූහ.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2019 නොවැම්බර් 11 වැනි දින

 

02
මහ ලේකම්වරිය, මහ කඩොල් (Rhizphora mneronate) කඩොලාන පැළයක් රෝපණය කරමින්
03
වේදුව හා කුරුළුදූව යන දූපත්වල නැවත භාවිත කළ හැකි හා පතුළ රහිත බැරල තුළ සිටුවන ලද කඩොලාන

 

10
නැවත භාවිත කළ හැකි, පතුල රහිත බැරල තුළ සිටුවන ලද කඩොලාන පැළ
11
Print Friendly, PDF & Email
Please follow and like us:

Close