ශ්‍රී ලංකාව සඳහා ස්විට්සර්ලන්ත තානාපතිනිය පත් කිරීම

ශ්‍රී ලංකාව සඳහා ස්විට්සර්ලන්ත තානාපතිනිය පත් කිරීම

ස්විට්සර්ලන්ත රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාවය සහිතව, ශ්‍රී ලංකාව සඳහා ස්විට්සර්ලන්තයේ කොළඹ සිටින අතිවිශේෂ සහ පූර්ණ බලතල සහිත තානාපතිනිය ලෙස ආචාර්ය සිරී වෝල්ට් මැතිනිය පත් කර ඇත. එතුමිය 2023 ඔක්තෝබර් 24 දින ප.ව. 12.00 ට කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත අක්තපත්‍ර පිළිගැන්වුවා ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 ඔක්තෝබර් 24

Print Friendly, PDF & Email
Please follow and like us:

Close