කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා එරට විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් සමුගනී

කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා එරට විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් සමුගනී

කුවේටයේ ශ්‍රී ලංකා තානාපති යූ. එල්. මොහමඩ් ජවුහර් මැතිතුමා 2022 දෙසැම්බර් 29 වැනි දින කුවේටයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ දී එරට විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් සලෙම් අබ්දුල්ලා අල්- ජාබර් අල්-සබාහ් මැතිතුමා හමුවී එතුමාගෙන් සමුගත්තේ ය.

කුවේටයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස මෑතක දී එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ දී සිය ධුරයේ වැඩ භාරගත් විදේශ කටයුතු අමාත්‍ය අල්-සබාහ් මැතිතුමා තානාපතිවරයා පිළිගත් අතර, කුවේටයේ තානාපතිවරයා ලෙස සිය ධුර කාලය තුළ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් සාක්ෂාත් කරගත් ජයග්‍රහණ අගය කළේ ය.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය එම්. යූ. එම්. අලි සබ්රි මැතිතුමා කුවේටයේ විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් සලෙම් අබ්දුල්ලා අල්- ජාබර් අල්-සබාහ් මැතිතුමා වෙත පළ කළ සුබපැතුම් පිරිනැමූ තානාපති මොහමඩ් ජවුහර් මැතිතුමා, කුවේට විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ධුරයේ වැඩ භාර ගැනීම සම්බන්ධයෙන් සබ්රි මැතිතුමා නිකුත් කළ සුබපැතුම් පණිවිඩය භාර දුන්නේ ය. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා වෙත සිය කෘතඥතාව පළ කළ විදේශ කටයුතු අමාත්‍ය අල්-සබාහ් මැතිතුමා, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම සඳහා තමන් කැමැත්තෙන් පසුවන බව සඳහන් කළේ ය.

මෙහිදී අදහස් දැක්වූ තානාපතිවරයා, සිය ධුර කාලය තුළ කුවේටයේ රජය සහ ජනතාව තමන් වෙත ලබා දුන් සහයෝගය සහ උපකාර සම්බන්ධයෙන් එරට විදේශ කටයුතු අමාත්‍ය අල්-සබාහ් මැතිතුමා සහ කුවේටයේ විදේශ කටයුතු අමාත්‍යංශය වෙත සිය කෘතඥතාව පළ කළේ ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

කුවේටය

2023 ජනවාරි 05 වෙනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close