ශ්‍රී ලංකාව සඳහා  ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපතිවරයා පත් කිරීම

 ශ්‍රී ලංකාව සඳහා  ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපතිවරයා පත් කිරීම

ඉරාන ඉස්ලාමීය ජනරජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාවය සහිතව,  ශ්‍රී ලංකාව සඳහා  කොළඹ සිටින ඉරාන ඉස්ලාමීය ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් මැතිතුමා පත් කර ඇත.   එතුමා  2023 ඔක්තෝබර් 24 දින ප.ව. 12.00 ට කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවේ ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 ඔක්තෝබර් 24

Print Friendly, PDF & Email
Please follow and like us:

Close