තානාපති මහින්ද සමරසිංහ මැතිතුමා බොස්ටන් ලලිත කලා කෞතුකාගාරයේ සංචාරයක නිරත වේ

තානාපති මහින්ද සමරසිංහ මැතිතුමා බොස්ටන් ලලිත කලා කෞතුකාගාරයේ සංචාරයක නිරත වේ

2023 මාර්තු 24 වැනි දින බොස්ටන් ලලිත කලා කෞතුකාගාරයේ (MFA) සංචාරයක නිරත වූ තානාපති මහින්ද සමරසිංහ මැතිතුමා, එම කෞතුකාගාරයේ අධ්‍යක්ෂ මැතිව් ටයිටෙල්බෝම්, භාරකාර කටයුතු සහ සංරක්ෂණ ප්‍රධානී මට්සුටාරෝ ෂොරිකි, ආර්ට් ඒෂියා හි සභාපති ක්‍රිස්ටිනා යූ යූ යන මහත්ම මහත්මීහු සහ කෞතුකාගාරයේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය හමුවිය.

2023 වසරට යෙදෙන, ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 75ක් සපිරීමේ සංවත්සරයට සමගාමීව, ශ්‍රී ලංකා කෞතුකාගාරයේ හිටපු භාරකරුවකු වූ ආනන්ද කුමාරස්වාමි මහතාගේ ගුණ සමරුව පිළිබඳව ද එතුමා මෙහිදී සාකච්ඡා කළේ ය.

ලංකාවේ පියෙකුට සහ ඉංග්‍රීසි ජාතික මවකට දාව ලංකාවේ (ශ්‍රී ලංකාව) උපන් ආනන්ද කුමාරස්වාමි මහතා අධ්‍යාපනය ලැබුවේ එංගලන්තයේ ය. ලන්ඩනයේ යුනිවර්සිටි කොලීජියෙන් උපාධිය ලබා ගත් එතුමා, ලංකාවට පැමිණ, එහි සේවය කර ආචාර්ය උපාධියක් ලබා ගත්තේ ය. තවද එතුමා සිංහල කලාකෘති පිළිබඳව හැදැරීමට සහ ඒවා එකතු කිරීමට කටයුතු කළේ ය. 1906 වසරේ දී එතුමා නැවත ලන්ඩනයට පැමිණියේ ය. එහිදී ඉන්දියානු කලාව සහ නූතනත්වය පිළිබඳ ඔහුගේ සංකල්පය, සමෘද්ධිමත් කලා ශිල්ප ව්‍යාපාරය සමඟ බෙදා හදාගැනීමට ඔහුට හැකිවිය.  තවද එහිදී නූතන කලාකරුවන් මෙතුමාගේ චින්තනය තුළ ගැබ්ව ඇති  වටිනාකම ගවේෂණය කිරීමට පටන් ගත්හ. 1917 වසරේ දී එතුමා බොස්ටන් ලලිත කලා කෞතුකාගාරයේ ඉන්දියානු කලා අංශයේ ප්‍රථම භාරකරු වශයෙන් කටයුතු කිරීම සඳහා බොස්ටන් වෙත සංක්‍රමණය විය. ඇමරිකාව තුළ පවතින ප්‍රථම සුවිශේෂී ඉන්දියානු කලාකෘති එකතුවේ කේන්ද්‍රය බවට පත්වූයේ මෙතුමාගේ කලාකෘති එකතුව යි.එතුමා 1933 වසරේ දී බොස්ටන් ලලිත කලා කෞතුකාගාරයේ ඉන්දියානු, පර්සියානු සහ මොහම්මදීය කලාව පිළිබඳ පර්යේෂක තනතුරට පත්විය. මිය යන තෙක් එතුමා මෙම ධුරයේ කටයුතු කළේ ය. "පෞරාණික ඉන්දියානු කලාව බටහිර ලෝකයට හඳුන්වා දීම සඳහා පුළුල් මෙහෙවරක් ඉටු කළ පෙරළිකාර න්‍යායවාදියකු" ලෙස එතුමා හැඳින්වේ.

මෙම කීර්තිමත් නිලධාරියා සිහිපත් කිරීම සඳහා බොස්ටන් හි ලලිත කලා කෞතුකාගාරය ක්‍රියාත්මක කරන විවිධ මුලපිරීම් පිළිබඳව සාකච්ඡා කළ තානාපති සමරසිංහ මැතිතුමා, කුමාරස්වාමි මහතාගේ ජීවිතය, එතුමාගේ වැඩ කටයුතු සහ විශේෂයෙන්ම ලලිත කලා කෞතුකාගාරය වෙත එතුමා ලබා දුන් සේවය සේවය සැමරීම සඳහා එම කෞතුකාගාරය දරන සෑම ප්‍රයත්නයකටම සහය වීම  සඳහා තානාපති කාර්යාලය කැමැත්තෙන් පසුවන බවද ප්‍රකාශ කළේ ය.

 ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

වොෂින්ටන් ඩී.සී.

2023 මාර්තු 30 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close