ශ්‍රී ලංකාව සඳහා ප්‍රංශයේ තානාපතිවරයා පත් කිරීම

ශ්‍රී ලංකාව සඳහා ප්‍රංශයේ තානාපතිවරයා පත් කිරීම

ප්‍රංශ ජනරජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා වන කොළඹ සිටින අතිවිශේෂ හා පූර්ණ බලැති ප්‍රංශ තානාපතිවරයා වශයෙන් ජොන්- ෆ්‍රන්සුවා පක්තෙට් මැතිතුමා පත් කොට ඇත. එතුමා 2022 නොවැම්බර් 11 වැනි දින පෙ.ව. 10.00 ට කොළඹ 01 පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2022 නොවැම්බර් 11 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close