තානාපති ආචාර්ය චානක හර්ෂ තල්පහේවා මහතා පිලිපීන ජනරජයේ ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර ප්‍රදානය කරයි

තානාපති ආචාර්ය චානක හර්ෂ තල්පහේවා මහතා පිලිපීන ජනරජයේ ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර ප්‍රදානය කරයි

පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය චානක හර්ෂ තල්පහේවා මහතා විසින් 2023 ඔක්තෝම්බර් 10 වන දින මැනිලා හි මලකානන් මාලිගයේ දී පිලිපීන ජනරජයේ ජනාධිපති ෆර්ඩිනන්ඩ් ආර්. මාර්කෝස්, ජූනියර් වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වන ලදී.  පිලිපීන ජාතික වීරවරයෙකු වන ආචාර්ය ජෝස් රිසාල් මහතා වෙනුවෙන් ගෞරව දැක්වීම සඳහා රිසාල් ස්මාරකය වෙත සම්ප්‍රදායික මල් කළඹක් තැබීම ඉන් අනතුරුව සිදුවිය.

අක්තපත්‍ර භාරදීමෙන් පසු, තානාපති තල්පහේවා මහතා ජනාධිපති මාකෝස් මහතා සමඟ සාකච්ඡා කළේය. ඔහු ජනාධිපති මාකෝස් මහතාට, රජයට සහ පිලිපීනයේ ජනතාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුබපැතුම් සහ හද පිරි සුභාශිංෂන පිරිනැමුවේ ය.

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර පවතින උණුසුම් සහ මිත්‍රශීලී සබඳතා තවදුරටත් තහවුරු කර ශක්තිමත් කර එය ඉදිරියට ගෙන යාමට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව එම සාකච්ඡාවේ දී තානාපති තල්පහේවා මහතා ප්‍රකාශ කළේය. පිලිපීනයේ ශ්‍රී ලංකා සමාගම්වලින් ආයෝජන ගෙන ඒම සඳහා ක්‍රියාකාරීව කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය. ජනාධිපති මාර්කෝස්, ජූනියර් මෙම අදහස් පිළිගත් අතර පිලිපීනය සහ ශ්‍රී ලංකාව වැනි රටවල් අතර දේශපාලන ක්ෂේත්‍රයේ පමණක් නොව ආර්ථික ක්ෂේත්‍රයේ ද ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නැංවිය යුතු බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මැනිලා

2023 ඔක්තෝබර් 13

Print Friendly, PDF & Email
Please follow and like us:

Close