කොළඹ දී පැවති 23 වන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඉන්දියන් සාගර වටද්දර රටවල සංවිධානයේ (IORA) සභාපතිත්වය ශ්‍රී ලංකාව විසින් භාර ගනු ලබයි.

කොළඹ දී පැවති 23 වන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඉන්දියන් සාගර වටද්දර රටවල සංවිධානයේ (IORA) සභාපතිත්වය ශ්‍රී ලංකාව විසින් භාර ගනු ලබයි.

2023 ඔක්තෝබර් 11 වන දින කොළඹ දී අවසන් වූ 23 වන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ශ්‍රී ලංකාව විසින් ඉන්දියන් සාගර වටද්දර රටවල සංවිධානයේ (IORA) සභාපතිත්වය භාර ගන්නා ලදී. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා රැස්වීමේ මුලසුන දැරුවේය. ශ්‍රී ලංකාව 1997 දී පිහිටුවන ලද IORA හි ආරම්භක සාමාජිකයෙකු වන අතර මීට පෙර එනම් 2003 සිට 2004 දක්වා එහි සභාපතිත්වය දරා ඇත. 23 වනි IORA අමාත්‍ය මණ්ඩල රැස්වීම, ඉන්දියන් සාගරයේ නිරූපණය අතථ්‍ය යථාර්ථය හරහා සම්මන්ත්‍රණ ශාලාවට ගෙන ආ වර්ණවත් සමාරම්භක උත්සවයකින් ආරම්භ විය.

අමාත්‍ය මණ්ඩල රැස්වීම IORA හි ඉහළම තීරණ ගැනීමේ කමිටුව වන අතර අමාත්‍ය මණ්ඩලයට පෙර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුවේ දී රැස්වන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් අමාත්‍යවරුන් මෙහෙයවනු ලැබේ. ඒ අනුව, 23 වන IORA අමාත්‍ය අමාත්‍ය මණ්ඩල රැස්වීමට පෙරාතුව, 2023 ඔක්තෝබර් 09-10 දිනවල විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ 25 වන දෙදින කමිටු රැස්වීමේදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සිදු කරන ලද සාකච්ඡා සහ කටයුතු පිළිබඳව අමාත්‍ය මණ්ඩල රැස්වීමට වාර්තා කරන ලදී.

කොළඹ පැවති IORA රැස්වීම් දෙක සඳහා සාමාජික රටවල් 23 ම සහ සංවාද හවුල්කරුවන් 11 දෙනාගේ ම සහභාගීත්වය දක්නට ලැබීම විශේෂත්වයක් වූයේය. මෙයට බංගලාදේශය, ඉන්දියාව, මොරිෂස්, මැලේසියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල විදේශ අමාත්‍යවරුන් සහ ටැන්සානියාවේ නීල ආර්ථිකය පිළිබඳ අමාත්‍යවරයා මෙන්ම ඕස්ට්‍රේලියාව, කොමරෝස්, ප්‍රංශය, ඉන්දුනීසියාව, ඉරානය, කෙන්යාව, මැඩගස්කරය, මාලදිවයින, මොසැම්බික්, ඕමානය, සීෂෙල්ස්, සිංගප්පූරුව, සෝමාලියාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යේමනය (සාමාජික රටවල්) සහ චීනය, ඊජිප්තුව, සෞදි අරාබිය, ජර්මනිය, ඉතාලිය, ජපානය, කොරියානු ජනරජය, රුසියානු සමූහාණ්ඩුව, තුර්කිය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය (සංවාද පාර්ශවකරුවන්) යන රටවල අමාත්‍ය සහ ජ්‍යෙෂ්ඨ නිලධාරී මට්ටමේ සහභාගීත්වය ද ඇතුළත් විය.

IORA හි නවතම සංවාද පාර්ශවකරුවකු වන සෞදි අරාබි රාජධානිය ප්‍රථම වරට IORA රැස්වීම් සඳහා කොළඹ දී පැවති IORA රැස්වීම්වලට සහභාගී විය.

කොළඹට රැස්ව සිටි සාමාජික රටවල අමාත්‍යවරුන් සහ නියෝජිතයින් සහ සංවාද පාර්ශවකරුවන් පිළිගනිමින් විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ඔවුන්ගේ පැමිණීම කලාපය නිර්වචනය කරන සහයෝගීතාවයට සහ හවුල්කාරීත්වයට සාක්ෂියක් බවත්, ඉන්දියන් සාගර ප්‍රජාව බැඳ තබන සබඳතා ශක්තිමත් කිරීමට ඔවුන් දක්වන කැපවීම ශ්‍රී ලංකාව අගය කරන බවත් පැවසුවේ ය.  ආගන්තුක සත්කාරයේ ශ්‍රේෂ්ඨ සම්ප්‍රදාය තුළ ශ්‍රී ලංකාව සියලු ආරාධිතයන්ට එහි දොරටු සහ හදවත විවෘත කරන බව ඔහු පැවසුවේ ය.

කලාපයේ සහ ඉන් ඔබ්බෙහි සිටින ශ්‍රී ලංකාවේ මිතුරන්ගේ නොසැලෙන උපකාරය සහ සහයෝගය මෙන්ම ශ්‍රී ලාංකිකයින්ගේ නොසැලෙන අධිෂ්ඨානය නොවන්නට ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සහ ප්‍රතිසාධනය යථා තත්ත්වයට පත් කළ නොහැකි වනු ඇති බව අමාත්‍ය සබ්රි මහතා පැවසීය.

ජාත්‍යන්තර කටයුතුවලදී ශ්‍රී ලංකාව ඉටුකර ඇති වැදගත් කාර්යභාරය ගැන සඳහන් කරමින් අමාත්‍ය සබ්රි මහතා 1976 දී ශ්‍රී ලංකාව නායකත්වය දුන් නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය පිහිටුවීමට මග පෑදූ බන්ඩුං සමුළුවට ශ්‍රී ලංකාව ඇතුලත් වූ බව සිහිපත් කළේය. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය කලාපයේ සහ ඉන් ඔබ්බෙහි සාමය, ස්ථාවරත්වය, විවිධත්වය සහ පොදු අන්තර්ගතභාවය කේන්ද්‍ර කර ගෙන ඇත.

දේශපාලන සීමාවන් සහ මතවාදයන් ඉක්මවා යන සහයෝගීතාවයේ, අවබෝධයේ සහ සන්සුන් භාවයේ සංකේතයක් බවට ඉන්දියානු සාගරය පත් කළ ඉන්දියානු සාගර කලාපය සහ එහි ගුවන් කලාපය සාම කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා 1971 දී එක්සත් ජාතීන්ගේ ඓතිහාසික යෝජනාව හඳුන්වාදීම සහ සම්මත කිරීම තුළින් ශ්‍රී ලංකාව ලෝක වේදිකාවේ තැබූ නොමැකෙන සලකුණ ද අමාත්‍ය සබ්රි මහතා සිහිපත් කළේය. විවිධ පුනරාවර්තන අභියෝග විසඳීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවට ක්‍රියා කිරීමේ මාධ්‍යයක් ලෙස යොදාගන්නා බහුපාර්ශ්විකත්වය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය කෙරෙහි ශ්‍රී ලංකාව තබා ඇති නොසැලෙන විශ්වාසය ඔහු යළිත් අවධාරණය කළේය.

වෙළෙඳ හා ආයෝජන, සමුද්‍රීය ආරක්‍ෂාව සහ ආරක්‍ෂණය, ධීවර කළමනාකරණය, ආපදා අවදානම් කළමනාකරණය, කාන්තා සවිබල ගැන්වීම සහ නීල ආර්ථිකය ඇතුළු සංවිධානය විසින් හඳුනාගෙන ඇති ප්‍රමුඛතා ක්ෂේත්‍ර හය සම්බන්ධයෙන් සහයෝගීතාවයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අමාත්‍යවරු සාකච්ඡා කළහ.

අමාත්‍යවරු ඔවුන්ගේ රැස්වීම අවසානයේ දී කොළඹ ප්‍රකාශය ප්‍රතිඵල ලේඛනය ලෙස සම්මත කළහ. ප්‍රකාශයේ දී, අමාත්‍යවරු ප්‍රඥප්තියේ දක්වා ඇති IORA ඉලක්ක සහ අරමුණු සඳහා ඔවුන්ගේ කැපවීම යලි තහවුරු කළ අතර, සියලුම සාමාජික රටවල සහ එම රටවල ජනතාවගේ ප්‍රයෝජනය සඳහා සංවිධානයේ මෙහෙවර ඉටු කිරීමට සමත් ජවසම්පන්න සහ අරමුණු සහිත සංගමයක් බවට IORA පත් කිරීමට “කලාපීය ගෘහ නිර්මාණ ශිල්පය ශක්තිමත් කිරීම: ඉන්දියානු සාගර අනන්‍යතාවය යළි සවි ගැන්වීම” යන තේමාව යටතේ IORA හි සභාපතීත්වය දරන කාලය තුලදී එහි වගකීම් ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දීමට ප්‍රතිඥා දුන්හ. 2030 දක්වා සහ ඉන් ඔබ්බට ඉන්දියන් සාගර වටද්දර රටවල සංවිධානයේ ඉදිරි ගමන පිළිබඳ ආවර්ජනය කිරීම සඳහා 2024 දී IORA හි නායක සමුළුවක් කොළඹ දී පැවැත්වීමට ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කළ ආරාධනය අමාත්‍යවරු අගය කරමින් පිළිගත්හ.

ශ්‍රී ලංකාවට පැමිණි අමාත්‍යවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාමූහික සාකච්ඡාවක් පැවැත්වූ අතර ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූහ.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

 2023 ඔක්තෝබර් 11

Print Friendly, PDF & Email
Please follow and like us:

Close