ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති දානමය පුණ්‍යකර්මය

ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති දානමය පුණ්‍යකර්මය

ඔස්ට්‍රියාවේ වියානා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය විසින් 2023 ඔක්තෝම්බර් 8 වන දින ඔස්ට්‍රියාවේ Dhammazentrum-Nyanaponika හි වාර්ෂික කඨින පූජෝත්සවයට සමගාමීව මහා සංඝරත්නය වෙත දානයක් (හීල් දානය) පූජා කරන ලදී.

Dhammazentrum-Nyanaponika හි නිර්මාතෘ සහ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය විජයරාජපුර සීලවංශ හිමිපාණන් වහන්සේ ඇතුළු ජර්මනිය, ඉතාලිය සහ ශ්‍රී ලංකාව යන රටවල ගෞරවනීය මහා සංඝරත්නය දස නමක් එක්ව ආගමික වතාවත් සිදු කළහ.

මහා සංඝරත්නය ශ්‍රී ලංකාවට, එහි ජනතාවට සහ තානාපති කාර්යාල කාර්ය මණ්ඩලයට ආශිර්වාද එක් කළහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

වියානා

2023 ඔක්තෝබර් 12

Print Friendly, PDF & Email
Please follow and like us:

Close