මහ කොමසාරිස් මොරගොඩ මහතා ශ්‍රී ලංකා බෞද්ධ වන්දනාකරුවන්ගේ විවේකාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය නිරීක්ෂණය කරයි

මහ කොමසාරිස් මොරගොඩ මහතා ශ්‍රී ලංකා බෞද්ධ වන්දනාකරුවන්ගේ විවේකාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය නිරීක්ෂණය කරයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා නවදිල්ලියේ 2023 සැප්තැම්බර් 22 වන දින නවදිල්ලි නුවර ශ්‍රී ලංකා බෞද්ධ වන්දනාකරුවන්ගේ විවේකාගාරයේ (SLBPR) සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය නිරීක්ෂණය කළේය.

නවදිල්ලි ප්‍රධාන දුම්රිය ස්ථානයට ඉතා ආසන්නයේ පිහිටා ඇති වන්දනාකරුවන්ගේ විවේකාගාරය ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වේ. පූජනීය බෞද්ධ ස්ථාන වැඳ පුදා ගැනීම සඳහා ඉන්දියාවට පැමිණෙන ශ්‍රී ලාංකික සහ විදේශීය වන්දනාකරුවන් විශාල පිරිසකට වඩා හොඳ සේවාවක් ලබා දීමේ අරමුණින්, ශ්‍රී ලංකා බෞද්ධ වන්දනාකරුවන්ගේ විවේකාගාරයේ යටිතල පහසුකම් සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු මේ වසරේ ජුනි මාසයේදී ආරම්භ කරන ලදී.

මහ කොමසාරිස් මොරගොඩ මහතා නිරීක්ෂණ චාරිකාවේදී ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරත වූ තාක්ෂණික නිලධාරීන් සහ කණ්ඩායම හමුවී ඔවුන්ගේ උත්සාහය සහ කැපවීම අගය කළේය. සැලසුම් කළ පරිදි නොවැම්බර් මස මුල් සතිය වන විට ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා මහ කොමසාරිස්වරයා සමඟ මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නව දිල්ලිය

2023 සැප්තැම්බර් 25

Print Friendly, PDF & Email
Please follow and like us:

Close