ෂැංහයි හි ශ්‍රී ලංකා මැණික් ප්‍රදර්ශනය සහ අලෙවිය

 ෂැංහයි හි ශ්‍රී ලංකා මැණික් ප්‍රදර්ශනය සහ අලෙවිය

NN Gems සහ Beauty Lanka Gems & Jewelleries ඇතුළු කීර්තිමත් ශ්‍රී ලාංකීය මැණික් හා ස්වර්ණාභරණ සමාගම්වල සහභාගීත්වයෙන් ෂැංහයි කොන්සල් ජනරාල් සමාජයේ ජින්මාඕ ගොඩනැගිල්ලේ දී ශ්‍රී ලංකා මැණික් ප්‍රදර්ශනයක් සහ අලෙවියක් 2023 සැප්තැම්බර් 19 වන දින සාර්ථකව පවත්වන ලදී.

ශ්‍රී ලාංකීය දේශීය මැණික් සමාගම්වලට චීන වෙළෙඳපොළට මැණික් ගල් හඳුන්වා දීම සඳහා අවස්ථාවක් ලබාදීම මෙම ප්‍රදර්ශනයේ අරමුණ විය. සහභාගිවූවන් blue sapphires, ruby, tourmaline, spinel, cat’s eye chrysoberyl ඇතුළු උසස් තත්ත්වයේ මැණික් ප්‍රදර්ශනය කළහ.

ෂැංහයි හි පිහිටි කොන්සල් ජනරාල්වරුන් සහ ඔවුන්ගේ කලත්‍රයන්, ඉහළ පෙළේ ගැනුම්කරුවන්, මැණික් එකතු කරන්නන් සහ ෂැංහයි හි China Diamond and Gem Exchange හි සාමාජිකයින් ප්‍රදර්ශනය සඳහා සහභාගී වූහ.

ෂැංහයි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් අනුර ප්‍රනාන්දු මහතා ආරාධිත අමුත්තන් පිළිගැනීමේ දේශනයක් පැවැත්වූ අතර දෙරට අතර වෙළෙඳාම වැඩිදියුණු කිරීමට සහ තොරතුරු හුවමාරු කර ගැනීමට සහාය දැක්වීම සඳහා මෙවැනි උත්සව සංවිධානය කිරීමේ වැදගත්කම පිළිබඳව සඳහන් කළේය.

දේශනයෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ මැණික් ගල් පිළිබඳව ගැණුම්කරුවන් සහ මැණික් පිලිබඳ උනන්දුවක් දක්වන්නන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මැණික් ගල්වල ඉතිහාසය සහ උසස් බව විදහා දැක්වෙන වීඩියෝ දර්ශනයක් ප්‍රදර්ශනය කරන ලදී. ප්‍රදර්ශනය අතරතුර ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක වීඩියෝ දර්ශන සහ ශ්‍රී ලංකා මැණික් ගල්වල ඡායාරූප ද ප්‍රදර්ශනය කෙරිණි.

මෙම උත්සවය ශ්‍රී ලංකාවෙන් මැණික් ගල් මිලදී ගැනීමට සහ අනාගතයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සහභාගිවූවන් දිරිමත් කිරීමට අවස්ථාවක් ලබා දුන්නේය. එය ශ්‍රී ලාංකේය සංස්කෘතිය සහ මනුෂ්‍යත්වය පිළිබඳ දැනුවත්භාවය ද ඇති කළේය.

මෙම උත්සවය ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් සංවිධානය කරන ලද අතර ෂැංහයි හි China Diamond & Gem Exchange විසින් සම අනුග්‍රහය දැක්වීය.

මෙම උත්සවය අවසානයේදී කොන්සල් ජනරාල් ප්‍රනාන්දු මහතා විසින් ෂැංහයි කොන්සල් ජනරාල් සමාජය වෙත මහනුවර ඇසළ පෙරහැරේ නිරූපිත අංගසම්පූර්ණ ලෙස අලංකාර වූ ඇතෙකුගේ ආකෘතියක් පිරිනැමීය. ෂැංහයි කොන්සල් ජනරාල් සමාජය වෙනුවෙන් ෆීජි හි ෂැංහයි රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ ප්‍රධානී ආචාර්ය යෝක් යී චෙන් මහතා ත්‍යාගය පිළිගත්තේය.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

ෂැංහයි

2023 සැප්තැම්බර් 21

Print Friendly, PDF & Email
Please follow and like us:

Close