ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉතාලියේ Lecce හි ජංගම කොන්සියුලර් සේවාවක් පවත්වයි

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉතාලියේ Lecce හි ජංගම කොන්සියුලර් සේවාවක් පවත්වයි

ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ඉල්ලීම පරිදි, ඉතාලියේ  ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 2023 සැප්තැම්බර් 02-03 දිනවල Lecce (Puglia කලාපයේ) හි ජංගම කොන්සියුලර් සේවාවක් තානාපති ජගත් වැල්ලවත්ත මහතාගේ මඟපෙන්වීම යටතේ Puglia කලාපයේ පදිංචිව සිටින/සේවය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව සඳහා පවත්වන ලදී.

තානාපති කාර්යාලය විසින් පවත්වනු ලබන Lecce හි ප්‍රථම කොන්සියුලර් ජංගම සේවය ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ, විශේෂයෙන් කලාපය තුළ සැලකිය යුතු සංඛ්‍යාවක් සිටින ශ්‍රී ලාංකීය දෙමළ ප්‍රජාව සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමට තානාපති කාර්යාලයට අවස්ථාව සලසා දුන්නේය.

ජංගම සේවාව අතරතුර, නව විදේශ ගමන් බලපත්‍ර, විදේශ ගමන් බලපත්‍ර අලුත් කිරීම, විදේශ ගමන් බලපත්‍ර අනුමත කිරීම්, හදිසි ගමන් බලපත්‍ර, උප්පැන්න ලියාපදිංචි කිරීම්, පුරවැසි සහතික, ඇටෝර්නි බලපත්‍ර, සහතික කිරීම්, විවාහ සඳහා විරෝධතා නොමැති ලිපි (නුල්ලා ඔස්තා), පොලිස් වාර්තා සහ ශ්‍රී ලංකා ලේඛන පරිවර්තන සඳහා ඉල්ලුම් කළ ශ්‍රී ලාංකිකයන් 250 කට පමණ තානාපති කාර්යාලය මගින් සේවය සලසන ලදී.

තවද, තානාපතිවරයා විසින් 2023 සැප්තැම්බර් 1 වන දින Lecce හි නගරාධිපති Carlo M. Salvemini හා Lecce හි පොලිස් කොමසාරිස් Vincenzo Massimo Modeo සහ 2023 සැප්තැම්බර් 2 වන දින නියෝජ්‍ය පොලිස් කොමසාරිස් ආචාර්ය Antonio Giaccari හා අමාත්‍ය මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී ආචාර්ය Guendalina Federico සමඟ සුහද හමුවක් පවත්වන ලදී. මෙම රැස්වීම්වලදී තානාපතිවරයා Puglia කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් සම්බන්ධ කරුණු සාකච්ඡා කළේය.

තවද, Lecce හි නගරාධිපතිවරයා විසින් Lecce හි සංක්‍රමණික සේවකයින්ට උපකාර කිරීම සඳහා නගරාධිපති කාර්යාලය විසින් පිහිටුවන ලද උපකාරක වැඩ සටහන පිළිබඳව දැනුවත් කරන ලද අතර එමඟින් අතරමැදියන්ගේ/නියෝජිතයින්ගේ සම්බන්ධකම් සහ වංචාවන් අවම කර ගැනීමට සමත්ව ඇත.

ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් සඳහා සංස්කෘතික හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් Lecce හි ස්ථාපිත කිරීමට තානාපතිවරයා නගරාධිපතිවරයාට යෝජනා කළ අතර Lecce හි සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින්ගේ අභිවෘද්ධිය සඳහා ඔවුන් විසින් ගනු ලබන උත්සාහයන් සඳහා තානාපති කාර්යාලයේ පූර්ණ සහයෝගය Lecce හි බලධාරීන්ට ලබා දෙන බවට සහතික කළේය.

 ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

රෝමය

2023 සැප්තැම්බර් 14

Print Friendly, PDF & Email
Please follow and like us:

Close