මහ කොමසාරිස් සහ ඔස්ට්‍රේලියාවේ ගරු නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් අතර හමුවක්

මහ කොමසාරිස් සහ ඔස්ට්‍රේලියාවේ ගරු නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් අතර හමුවක්

2023 සැප්තැම්බර් 11 වන දින මහ කොමසාරිස් චිත්‍රාංගනී වාගීස්වර සහ ඔස්ට්‍රේලියාවේ ගරු නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් මහතා අතර හමුවක් ෆෙඩරල් පාර්ලිමේන්තුවෙහි ඔහුගේ කාර්යාලයේ දී පැවැත් විය. නියෝජ්‍ය මහ කොමසාරිස් චමරි රුද්‍රිගෝ සහ ආරක්‍ෂක උපදේශක කොමදෝරු එස්.පී.කත්‍රිආරච්චි යන අය විසින් එතුමිය කැටුව යන ලදී.

නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් මහ කොමසාරිස්වරයා ඇතුළු කණ්ඩායම පිළිගනිමින් ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන සමීප සබඳතා ඉස්මතු කොට පෙන්වා දෙන ලද අතර ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වැදගත් රටක් ලෙස සලකන බැවින් ශ්‍රී ලංකාව සමඟ සමීප සබඳතා ප්‍රවර්ධනය කිරීමට ඔස්ට්‍රේලියාව උනන්දු වන බව ද ප්‍රකාශ කරන ලදී. වසර ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන ශ්‍රී ලාංකික ප්‍රවාසිකයන් සැලකිය යුතු ප්‍රමාණයක් සැලකිල්ලට ගනිමින් ජනතාව අතර සම්බන්ධතා වැඩිදියුණු කිරීමේ වැදගත්කම පිළිබඳව සඳහන් කරන ලදී.

අසල්වැසි රටවල් සමඟ ශ්‍රී ලංකාවේ සබඳතා, විශේෂයෙන්ම වෙළෙඳ සබඳතා පිළිබඳව නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු විය. ආසන්නතම අසල්වැසියන් සහ අනෙකුත් කලාපීය රටවල් සමඟ පවත්වාගෙන යන බහුවිධ සබඳතා පිළිබඳව මහ කොමසාරිස්වරිය විස්තර කළාය. වත්මන් සමාජ-ආර්ථික වර්ධනයන් සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ස්ථාවරත්වය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද ඇය ප්‍රකාශ කළ අතර විශේෂයෙන් ආර්ථික අර්බුදයේ දී ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය සහ සහාය පිළිබඳව ඔස්ට්‍රේලියානු රජයට ස්තූතිය පළ කළාය.

පුද්ගල ජාවාරම් සහ අනෙකුත් ජාත්‍යන්තර අපරාධ ඇතුළු ආරක්‍ෂක අංශය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්වාගෙන යන සමීප සහයෝගීතාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ශ්‍රී ලංකා හමුදාවට ක්ෂේත්‍ර ගණනාවකින් ලබාදුන් සහය සහ සහයෝගය පිළිබඳව මහ කොමසාරිස්වරිය ඔස්ට්‍රේලියාවට ස්තූතිය පළ කළාය.

ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත IORA අමාත්‍ය කවුන්සිල රැස්වීමේදී ඔස්ට්‍රේලියාව ඉහළ මට්ටමකින් නියෝජනය කෙරෙනු ඇති බව හඳුනා ගන්නා ලදී.

කලාපයේ වත්මන් වර්ධනයන් සහ ඔස්ට්‍රේලියාවට සහ ශ්‍රී ලංකාට උනන්දුවක් දක්වන, මතුවෙමින් පවතින භූ දේශපාලන ඉදිරි දර්ශන පිළිබඳව ද දෙපාර්ශවය අදහස් හුවමාරු කර ගත්හ.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

කැන්බරා

2023 සැප්තැම්බර් 13

Print Friendly, PDF & Email
Please follow and like us:

Close