සෙමෝල් උන්ඩොන්ග් පදනමේ සභාපතිවරයා ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සංවර්ධනය සඳහා සහය ලබා දෙන බවට ප්‍රතිඥා දෙයි

සෙමෝල් උන්ඩොන්ග් පදනමේ සභාපතිවරයා ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සංවර්ධනය සඳහා සහය ලබා දෙන බවට ප්‍රතිඥා දෙයි

සෙමෝල් උන්ඩොන්ග් පදනමේ සභාපති ලී සුන්ග්- ජොන්ග් මහතා 2023 ජනවාරි 27 වැනි දින සෝල් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී කොරියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති සාවිත්‍රි පානබොක්කේ මැතිනිය හමුවිය.

මෙම හමුවේ දී, සෙමෝල් පදනම හරහා ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල සාර්ථකත්වය පිළිබඳව සාකච්ඡා කළ තානාපති පානබොක්කේ මැතිනිය, මෙරට ග්‍රාමීය ආර්ථිකයේ දියුණුව සඳහා සෙමෝල් උන්ඩොන්ග් පදනම ලබා දෙන දායකත්වය අගය කළා ය. ශ්‍රී ලංකාව සහ සෙමෝල් පදනම අතර පැවැත්විය හැකි අනාගත සහයෝගිතාව ඉහළ නැංවීමේ යාන්ත්‍රණ පිළිබඳව ද තානාපතිනිය මෙහිදී  සාකච්ඡා පැවැත්වූවා ය.

සෙමෝල් පදනමේ ව්‍යාපෘති කළමනාකරණ අධ්‍යක්ෂ ක්වොන් ලියුන් මින්, එහි මහජන සබඳතා කණ්ඩායමේ නායිකාව වන එස්තර් ජොන්ග්යුන් කිම් සහ තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් සචිනි ඩයස් යන මහත්ම මහත්මීහු ද මෙම හමුවට සහභාගි වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

සෝල්

2023 ජනවාරි 30 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close