ශ්‍රී ලංකාව සිය ප්‍රථම ‘මුරුගන් ට්‍රේල්’ (Murugan Trail) සංචාරය දකුණු ඉන්දියාවේ දී සංවිධානය කරයි

ශ්‍රී ලංකාව සිය ප්‍රථම ‘මුරුගන් ට්‍රේල්’ (Murugan Trail) සංචාරය දකුණු ඉන්දියාවේ දී සංවිධානය කරයි

ශ්‍රී ලංකාව තුළ ‘ද මුරුගන් ට්‍රේල්’ (The Murugan Trail) නමැති වැඩසටහන ප්‍රවර්ධනය කිරීම සඳහා දකුණු ඉන්දීය මාධ්‍ය කණ්ඩායම් සඳහා වන හුරුපුරුදු කිරීමේ වැඩසටහනක් චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ එක්ව 2022 අගෝස්තු 03-11 යන දිනවල සංවිධානය කරන ලදි.

මෙම මස පැවැත්වෙන කතරගම ඇසළ මංගල්‍යය දකුණු ඉන්දියාවේ සංචාරකයන් අතර ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණ යි. මීට සමගාමීව මෙම කාලය තුළ පැවැත්වෙන මහනුවර ඇසළ පෙරහැර, යාපනයේ නල්ලූර් මංගල්‍යය යනාදී අනෙකුත් සංස්කෘතිකාංග සඳහා ද ප්‍රචාරණයක් ලබාදීමට නියමිත ය.

කතරගම ඇසළ මංගල්‍යය මුරුගන් දෙවියන්ට ගෞරව දැක්වීමේ අරමුණින් වාර්ෂිකව ජූලි/අගෝස්තු යන මාසවල කතරගම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වේ. කතරගම ඇසළ පෙරහැර සාම්ප්‍රදායික නර්ථන ශිල්පීන්, බෙර වාදකයන්, ගිනි පාගන්නන්, අලි ඇතුන් සහ වෙනත් චාරිත්‍ර ඇතුළත්ව උත්සව සමයේ රාත්‍රී කාලයේ දී පැවැත්වෙනු ලැබේ. එය ශ්‍රී ලංකාවේ වඩාත් අලංකාර මෙන්ම දර්ශනීය ඓතිහාසික-සංස්කෘතික උත්සවවලින් එකක් ලෙස හැඳින්වේ. ‘The Hindu’, ‘Behindwoods’, ‘News 07 Tamil’, ‘Vikatan’, ‘News 18’, ‘TV 09’ සහ ‘Madhura Digital Media’යන කීර්තිමත් දකුණු ඉන්දියානු මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය
ආයතන හය ප්‍රථම වතාවට දින 09 ක සංචාරයක් සඳහා අගෝස්තු 03 වැනි දින ශ්‍රි ලංකාවට පැමිණියේය. මෙම මාධ්‍ය දූත පිරිස විශේෂයෙන්ම කොළඹ, යාපනය, අනුරාධපුරය, දඹුල්ල, මහනුවර සහ කතරගම යන නගරවල සහ දිවයින පුරා පිහිටි ඓතිහාසික හා සංස්කෘතික වශයෙන් වැදගත් වන ගමනාන්ත සහ සිදුවීම් ආවරණය කරනු ඇත. මාධ්‍ය ආයතන කිහිපයක් ඔස්සේ කතරගම ඇසළ උත්සවය සජීවීව විකාශය කරනු ලැබේ.

ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය

චෙන්නායි

2022 අගෝස්තු 08 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close