මහජනතාව සඳහා කොන්සියුලර් සේවා සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල පමණි

මහජනතාව සඳහා කොන්සියුලර් සේවා සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල පමණි

රට තුළ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන්, 2022 ජූනි 30 වැනි දින සිට 2022 ජූලි 10 වැනි දින දක්වා බලපැවැත්වෙන පරිදි සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල පමණක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් මහජනතාවට සේවා සපයනු ලැබේ. යාපනය, මාතර, මහනුවර, ත්‍රිකුණාමලය  සහ කුරුණෑගල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවල ද ඉහත සඳහන් දිනවල සේවා සපයනු ලැබේ.

හදිසි අවස්ථා සඳහා පහත සඳහන් විද්‍යුත් ලිපින ඔස්සේ සම්බන්ධ වන ලෙස මෙම අංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි;

  • කොන්සියුලර් කටයුතු අංශය- කොළඹ- consular@mfa.gov.lk
  • ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය- යාපනය-  jaffna.consular@mfa.gov.lk
  • ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය - මාතර- matara.consular@mfa.gov.lk
  • ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය - මහනුවර-   kandy.consular@mfa.gov.lk
  • ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය -ත්‍රිකුණාමලය -  trincomalee.consular@mfa.gov.lk
  • ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය - කුරුණෑගල-  kurunegala.consular@mfa.gov.lk

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 ජූනි 29 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close