රුසියානු තානාපතිවරයා විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා හමුවෙයි

රුසියානු තානාපතිවරයා විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති යූරි මැටේරි  මැතිතුමා, 2022 ජූනි 29 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවිය.

ද්විපාර්ශ්වික සබඳතාවල 65 වැනි සංවත්සරය 2022 වර්ෂයේ දී සැමරූ ශ්‍රී ලංකාව සහ රුසියාව යන දෙරට අතර පවත්නා බහුවිධ ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීම අරමුණු කරගත් කරුණු කිහිපයක් මෙහිදී  විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමාගේ සහ තානාපති මැටේරි මැතිතුමාගේ සාකච්ඡාවට බඳුන් විය. ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ගෙන ඇති පියවර කිහිපයක් පිළිබඳව විදේශ අමාත්‍යාංශයේ පීරිස් මැතිතුමා තානාපති මැටේරි මැතිතුමා දැනුම්වත් කළ අතර, විශේෂයෙන් ඉන්ධන සම්බන්ධයෙන් පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ද සඳහන් කළේ ය. රුසියානු සමූහාණ්ඩුවේ සහය ශ්‍රී ලංකාවට ලබා දෙන බවට අමාත්‍යවරයා හමුවේ සහතික වූ තානාපති මැටේරි මැතිතුමා, ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා, දෙරට අතර පවත්නා අවසන් නොකළ නිරතවීම් සම්බන්ධයෙන් සමීප සහයෝගයෙන් යුක්තව කටයුතු කරන ලෙසද දිරිමත් කළේ ය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 ජූනි 30 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close