ප්‍රථම වතාවට කෙන්යාවේ ප්‍රසිද්ධ ස්ථානයක  බුද්ධ ප්‍රතිමාවක් ඉඳි වෙයි

ප්‍රථම වතාවට කෙන්යාවේ ප්‍රසිද්ධ ස්ථානයක  බුද්ධ ප්‍රතිමාවක් ඉඳි වෙයි

කෙන්යාවේ පොදු ස්ථානයක ස්ථාපනය කරන ලද ප්‍රථම  බුද්ධ ප්‍රතිමාව කෙන්යාවේ නයිරෝබි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේලුපිල්ලෙහි කනනාදන් මහතා හා එල්ඕ එල් සී සමාගමේ සභාපති ඉෂාර නානායක්කාර මහතා විසින් ඉකුත් 14 වනදා විවෘත කරනු ලැබිණ.

රැස්ව සිටි ප්‍රජාව අමතමින්, මහ කොමසාරිස් කනනාදන් මැතිතුමා මෙසේ පැවසීය “අද උදෑසන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව නිරාවරණය කිරීමේ අවස්ථාව සඳහා පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමි. කෙන්යාවේ ප්‍රසිද්ධ ස්ථානයක දී බුද්ධ ප්‍රතිමාවක් පළමු වරට ස්ථාපනය කිරීම සුවිශේෂී අවස්ථාවකි. කෙන්යාවේ දී අපගේ බෞද්ධ උරුමය විදහා දැක්වීම සම්බන්ධයෙන් එය අපගේ ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ නව පිටුවක් පෙරළයි. කෙන්යාවේ දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම මට අභිමානයක් වන අතර, මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දී බුද්ධ ප්‍රතිමාව ස්ථාපනය කිරීමට ලැබීම භාග්‍යයක් කොට සලකමි. මෙම පින්බර අවස්ථාව සඳහා අනුග්‍රහය දැක්වීමට සිය කැමැත්තෙන් ඉදිරිපත් වූ එල්ඕඑල්සී සමාගමේ සභාපති ඉෂාර නානායක්කාර මහතාට ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.”

ප්‍රජාව අමතමින් මහ කොමසාරිස් කනනාදන් මැතිතුමා කියා සිටියේ මෙම බුද්ධ ප්‍රතිමාව ස්ථාපනය කිරීම කෙන්යානු රජයේ බලධාරීන්ගේ පූර්ණ සහයෝගය හා අනුග්‍රහයෙන් යුතුව සිදු කළ අතර, එය කෙන්යාවේ දී අපගේ බෞද්ධ උරුමය විදහා දැක්වීම සඳහා මඟ පෑදූ බවයි. මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසුවේ, බුදුන් වහන්සේගේ ප්‍රතිමාව ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම මඟින් සියලු ප්‍රජාවන්ට, රටවලට සහ ලෝකයට බොහෝ දුරට අවශ්‍ය වූ සාමය හා සමගිය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උදාර ඉගැන්වීම් අපගේ මනසට නිරන්තරයෙන් සිහිපත් කරවන බවයි. “ජීවිතයේ ඒකීය බව අත්විඳින තැනැත්තා තමා සියලු ජීවීන් තුළත්, සියලු ජීවීන් තමා තුළත් අපක්ෂපාතී ඇසකින් දකියි.” යයි වදාළ බුදුරජාණන් වහන්සේගේ සදාකාලික සාමය හා දයානුකම්පාව පිළිබඳ පණිවුඩය අඛණ්ඩව ලොව පුරා මානව වර්ගයා  ප්‍රබෝධමත් කරන බව අවසාන වශයෙන් එතුමා පැවසීය.

සුප්‍රසිද්ධ කෙන්යානු ශ්‍රී ලාංකික සමාගමක් වන මේලීන් සමූහය විසින් මෙම බුද්ධ මන්දිරය ඉදිකරන ලදි. .

කෙන්යාවේ ශ්‍රී ලංකා ප්‍රජාවේ සාමාජිකයින් සහ ශ්‍රී ලංකාවේ කෙන්යානු මිතුරන් මෙම අවස්ථාව සඳහා සහභාගී  විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

නයිරෝබි

2021 ජූලි 15 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close