එක්සත් ජනපද සහය විදෙස් ඇමති අගයයි

 එක්සත් ජනපද සහය විදෙස් ඇමති අගයයි

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මැතිණිය ජූලී 13 දින විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  හමු වූ අවස්ථාවේ, කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට සහ එම්වී එක්ස්ප්‍රස් පර්ල් නෞකා ව්‍යසනයේ පාරිසරික හා සමාජ-ආර්ථික බලපෑම අවම කිරීම සඳහා ලබා දුන් සහයෝගය පිළිබඳව විදේශ අමාත්‍යවරයා එක්සත් ජනපද රජයට සහ එහි ජනතාවට ස්තූතිය පුද කළේය.  යූඑස්ඒඩ් ඇමරිකන් ආධාර යටතේ පෞද්ගලික ආරක්ෂක උපකරණ සහ ඔක්සිමීටර් වැනි හදිසි වෛද්‍ය සැපයුම් ලබාදීම සහ කෝවැක්ස් වැඩසටහන හරහා එන්නත් ලබා දීම පිළිබඳව එතුමා එක්සත් ජනපද රජයට මෙහිදීත්  විශේෂයෙන් කෘතඥතාව පල කළේය.

දෙරට භුක්ති විඳින ශක්තිමත් දේශපාලන හා ආර්ථික ද්විපාර්ශ්වික සහයෝගීතාව උපයෝගී කරගනිමින් සිදුකරන එක්සත් ජනපදයේ පෞද්ගලික අංශයේ ආයෝජන ද විදේශ අමාත්‍යවරයා ගේ ඇගැයිමට ලක්විය.

දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සහයෝගිතාව සහ වෙළඳ හා ආයෝජන රාමු ගිවිසුම්, ඒකාබද්ධ කොමිසම, ඇතුළු අනෙකුත් ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව ද මෙහි දී දෙපාර්ශවය අතර දිර්ඝව  සාකච්ඡා කෙරිණි.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 ජූලි 15 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close