ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ විශේෂ දැන්වීම

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ විශේෂ දැන්වීම

ශ්‍රී ලංකාවට ඇතුළුවීමේ බලපත්‍ර සහිත කාණ්ඩයේ පැමිණීම පිළිබඳව ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ සභාපතිනිය විසින් පහත සඳහන් උපදෙස් ලබා දී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2021 ජනවාරි 06 දිනැති මාර්ගෝපදේශයන්ට අනුව, ව්‍යාපාරික හා රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර හැර, විදේශීය විදේශ ගමන් බලපත්‍ර සහිත මුදල් ගෙවා පැමිණෙන මගීන් සඳහා සංචාරක මාර්ගය නැරඹීමට අවසර දෙනු ලැබේ.

කෙසේ වෙතත්, ඔවුන් විසින් https://srilanka.travel/helloagain/ වෙබ් අඩවියෙහි දක්වා ඇති මාර්ගෝපදේශ අනුගමනය කිරීම අවශ්‍ය වනු ඇත.

නේවාසික වීසා බලපත්‍ර සහිත විදේශීය විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට, ද්විත්ව පුරවැසියන්ට සහ විදේශීය විදේශ ගමන්බලපත්‍ර හිමි සහකරු,  සහකාරිය හෝ සමීප ඥාතියෙකු සමඟ පැමිණෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ට සංචාරක මාර්ගය භාවිතා කිරීම සඳහා අවසර ඇත.

  1. https://srilanka.travel/helloagain/වෙබ් අඩවියේ සඳහන් මාර්ගෝපදේශ පිළිපැදීමට යටත් වේ.
  2. දැනට, ආරක්ෂිතහා සුරක්ෂිත බවට සහතික කළ 1 වැනි මට්ටමේ  හෝටලයක, රැඳී සිටින දින 14 ක් දක්වා වෙන්කරවා ගැනීමක් සිදුකිරීම අනිවාර්ය වේ.
  3. එම හෝටල් වෙන්කරවා ගැනීමේ දී, PCR පරීක්ෂණ සඳහා (එක් පරීක්ෂණයකට ඇමරිකානු ඩොලර් 40 ක් බැගින් දින 14 ක් සඳහා x 3 ක්) සහ කොවිඩ් රක්ෂණයේ පිරිවැය ලෙස ඇමරිකානු ඩොලර් 12ක්, හෝටල් වෙන්කරවා ගැනීම සිදුකරන අවස්ථාවේ දී ගෙවීම අනිවාර්යය වේ.
  4. හෝටල් වෙන්කරවා ගැනීම සහ යොමු අංකය සහිතව ඉහත විස්තර සනාථ කිරීම පිළිබඳව ශ්‍රීලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ විද්‍යුත් තැපෑල වන dg@srilanka.travel වෙත දැනුම් දීමට අවශ්‍ය වේ.
  5. ඉහත තොරතුරු ලැබුණු වහාම, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විසින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දෙනු ලබන අතර, එහි පිටපතක් අමුත්තා වෙත විද්‍යුත් තැපෑලෙන් යවනු ඇත.

2021 ජනවාරි 26 වැනි දින

 

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close