ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, මාලදිවයිනේ අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන් අතර අඛණ්ඩව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා හරියි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, මාලදිවයිනේ අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන් අතර අඛණ්ඩව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා හරියි.

Pic1

මාලදිවයිනේ වෙසෙන, ආහාර ද්‍රව්‍ය හා ඖෂධ ලබා ගැනීමේ අපහසුතා සහිත ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන දුෂ්කරතා අවම කිරීම සඳහා විදේශ සබඳතා අමාත්‍යංශය විසින් යවන ලද කි.ග්‍රෑ.10000( ඇසුරුම් 2000)කින් සමන්විතවන සැපයුම් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය  විසින් අඛණ්ඩව බෙදා හැර තිබේ.

2020 ජුනි 7 වන දින ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත්  භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් මෙම භාණ්ඩ තොගය පිරිවැය රහිතව මාලදිවයින වෙත රැගෙන යාම සදහා  ශ්‍රී ලංකන් ගුවන් සේවය විදේශ අමාත්‍යාංශයට සහයෝගය දක්වා ඇත.

ශ්‍රී ලංකා දූතමණ්ඩල, මාලේ අගනුවරින් ඔබ්බෙහි පිහිටි දූපත්වන මාලේ, හුල්හුමාලේ, විලිංගිලි, මාෆුෂි, කෙලා, තුලස්ඩූ, කාගි සහ මබින්හුරා යන ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් වෙත  මෙම භාණ්ඩ බෙදාහැරීම ආරම්භ කර ඇති අතර  මාලදිවයිනේ සෆාරි බෝට්ටුවල ශ්‍රී ලංකා කාර්ය මණ්ඩල සාමාජිකයන් අතර ද මෙම ආධාර  බෙදාහැර තිබේ.  තවද, තිලාෆුෂි, ගාන් සහ නාවුරු දූපත් වෙතට ද මෙම ආධාර ද්‍රව්‍ය යැවීමට කටයුතු සූදානම් කර ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාවට මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ තොගය බෙදා හැරීම ආරම්භ කරන ලද්දේ, 2020 මැයි 14 සහ ජුනි 13 යන දිනවල දී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් පුද්ගලයන් ඉවත්කිරීමේ විශේෂ ගුවන් ගමන් මගින්  මාලදිවයිනේ වඩාත් අවදානමට ලක් වී සිටි ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් නැවත මෙරටට ගෙන්වා ගැනීමෙන් පසුවය. ශ්‍රී ලංකා දූතමණ්ඩලය සහ විදේශ අමාත්‍යාංශය එක්ව ජනාධිපති ලේකම් කාර්යාලය සහ මාලදිවයින් රජය සමඟ සමීපව කටයුතු කරමින් මෙම ගුවන් ගමන් සඳහා අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කරන ලදි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය.
මාලේ.
15 ජුනි 2020.

Pic 2

 

 

pic 3

 

 

 

 

Pic 4

Print Friendly, PDF & Email
Please follow and like us:

Close