ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරණ වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති වන සතුන් සහ පැළෑටිවල ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (CITES)

ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරණ වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති වන සතුන් සහ පැළෑටිවල ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (CITES)

-CITES-LOGO (1)

වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති වන සතුන් සහ පැළෑටිවල ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය ලෙස මෙය හඳුන්වයි. අන්තර්ජාතික සම්මුතියක් වන මෙහි මූලික සංකල්පය වන්නේ අන්තර්ජාතික වෙළඳාම නිසා තර්ජනයට ලක්ව ඇති වන සතුන් සහ පැළෑටි අදාළ වෙළඳාම පාලනය කිරීම මඟින් එම ජීවීන් සංරක්ෂණය කිරීමයි. පාර්ශවකරුවන්ගේ සම්මේලනය ලෙස හඳුන්වන මෙය වසර තුනකටවරක් රැස්වී සමුළුව ක්‍රියාත්මක කිරීම පිළිබඳ සමාලෝචනයක් සිදු කරයි. සම්මේලනය සඳහා එක් පාර්ශවයක් විසින් සත්කාරකත්වය දරණ අතර සති දෙකක පමණ කාලයක් සත්කාරකත්ව රටෙහි මෙම සයිටීස් සමුළුව පවත්වනු ලබයි.

1976 දෙසැම්බර් 17 දින එක්සත් ජාතීන්ගේ සංගමයේ පැවැත්වූ රැස්වීමේ දී 31/140 වන යොජනාවේ I වන වගන්තියේ සඳහන් පරිදි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයෙන් බැහැර කිසියම් රාජ්‍යයක් විසින් සයිටීස් සම්මේලනයපැවැත්වීමට ආරාධනයක් කරන්නේ නම් අදාළ රටෙහි හැකියාවන් සලකා බලා සයිටීස් මහ ලේකම්ගේ අනුමැතිය පරිදි එය සිදු කරනු ලබයි.

ඒ අනුව 17වන සයිටීස් සමුළුව 2016 වසරේ සැප්තැම්බර් මස 24 වන දින සිට ඔක්තෝම්බර් මස 03වන දින දක්වා  දකුණු අප්‍රිකිවේ ජොහැනස්බර්ග් නගරයේ දී පැවැත්වූ අතර 18වන සයිටීස් සමුළුව සහ 71 , 72වන කාරක සභා පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය ආරාධනාව පිළිගන්නා ලදි.

ඒ අනුව වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති වන සතුන් සහ පැළෑටිවල ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ අන්තර්ජාතික සමුළුවේ 18වන පාර්ශවකරුවන්ගේ සැසිය 2019 මැයි මස 22 දින සිට ජූනි මස 03 දින දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ පැවැත්වේ. ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරණ මෙරට පැවැත්වෙන විශාලම එක්සත් ජාතීන්ගේ සමුළුව වන මෙම සයිටීස් සමුළුව සඳහා රටවල් 183ක විදේශීය නියෝජිතයන් 3000ක් සහ මාධ්‍යවේදීන්රැසක් සහභාගී වෙයි.

සයිටීස් සම්මේලනය සඳහා ශ්‍රී ලංකාවේ විශේෂත්වය

  • ජාත්‍යන්තර සංරක්ෂණයන්ට අනුව ශ්‍රී ලංකාව ලෝකයේ ජෛව විවිධත්වය බහුල රටවල් 34 අතරින් එකකි. ඉහළ ජෛව විවිධත්වයක් සහිත ආවේණික ශාක හා සත්ත්ව විශේෂයන් විශාල සංඛ්‍යාවකින් ශ්‍රී ලංකාව පොහොසත් රටක් නිසා එය සංචාරක හා අනෙකුත් සමාජ ආර්ථික ක්‍රියාවන්ට ඍජුව බලපායි.
  • ශ්‍රී ලංකාව ප්‍රමාණයෙන් කුඩා වුවත් ජෛව ආවේණිකභාවයෙන් ඉහළ අනුපාතයක් ඇති රටක් ලෙස ආඩම්බර විය හැකිය.
  • ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ක්ෂීරපායී සත්ත්වයන් 106 අතරින් ආසියානු අලියන් (Elephant),කළු වලසුන් (Sloth Bears) ,දිවියන් (Leopards), ගෝනුන්(Sambars) පිළිබඳ සාමාන්‍යයෙන් අවධානය යොමු කරයි.
  • එමෙන්ම ශ්‍රී ලංකාව අවට මුහුද නිල් තල්මසුන්ගේ මුහුදු අශ්වයන්ගේ සහ Sperm Whales යන සත්ත්වයන්ගේ නිවහන බවට පත්ව ඇත.
  • ශ්‍රී ලංකාවේ බලවත් ඇතුන් සහ ක්ෂීරපායීන් දක්නට ලැබුන ද පක්ෂීන් ශ්‍රී ලංකාවේවන ජීවීන්ගේ මහිමයක් ලෙස සලකයි. ආසන්න වශයෙන් කුරුල්ලන් විශේෂ 510 වන අතර එයින් 33 දෙනෙකු ආවේණික විශේෂ වේ.
  • ශ්‍රී ලංකාව උභයජීවී ජෛව විවිධත්වය අතරින් සමස්ත ලෝකයෙන්ම පොහොසත් රටක් වන අතර 119 ක් උභයජීවී විශේෂ අතරින් 106 විශේෂ ප්‍රමාණයක් ආවේණික වේ.

සයිටීස් සහ ශ්‍රී ලංකාවේ දායකත්වය

1979 මැයි මස 04 වන දින ශ්‍රි ලංකාව සයිටීස් සම්මුතියට එකඟ විය. එදා සිට දශක 04ක් මුළුල්ලේ ශ්‍රි ලංකාව සයිටීස් පාර්ශව කරුවෙකු වුවත් සයිටීස් ක්‍රියාවට නැංවීම සඳහා ජාතික නීති මාලාවක් හඳුන්වා දීම තවමත් සිදු වී නොමැත. සයිටීස් ක්‍රියාත්මක කිරිම සඳහා අවශ්‍යතා සපුරා නොමැති බැවින් ශ්‍රි ලංකාව තුන්වන කාණ්ඩයේ පසු වේ.

වනජීවීන් සම්බන්ධ උද්දේශයේ යෙදෙන පාර්ශවයන් ශ්‍රි ලාංකීය බලධාරීන් වෙත බලවත් උනන්දුවෙන් උද්දේශනය කර සිටිනුයේ මේ සඳහා අවශ්‍ය නිතී සම්පාදනය හා රෙගුලාසි හඳුන්වා දෙමින් සයිටීස් සම්මුතිය ජාතික තලය තුළ ක්‍රියාත්මක කිරිම සඳහා ජාතික රෙගුලාසි හඳුන්වා දීමයි. මේ තුළින් වනජීවී සම්පත් පිටරටවලට ජාවාරම් කිරිමෙන් මෙරට සම්පත් ආරක්ෂා කර ගැනමට පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක් වී ශ්‍රි ලංකා වරාය ගුවන් තොටුපළ  හා සාගරය තුළ සිදුවන වනජීවී ජාවාරමට එරෙහිව බාධා පමුණුවමින් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ අත්වැල් බැඳ ගැනීමට උපකාරී වේ.

සයිටීස් රෙගුලාසි මඟින් දේශිය නීතී යටපත් කිරිමක් සිදු නොවන බව සිහි තබා ගැනීම වැදගත් වේ. එනම් මෙමඟින් ශ්‍රි ලංකාව තුළ පවතින වත්මන් නීතී දුර්වල කිරිමක් සිදු නොවන අතරම ශ්‍රි ලංකාව වනජීවී වෙළඳ මාර්ගයක් ලෙස පත්වීමට නීති මඟින් ඇති කරන ඉඩකඩ අවහිර කිරිමට ද හේතු වේ. සයිටීස් තුළින් වර්තමාන නීතිය යටතේ සීමිත ආරක්ෂාවක්  ඇති එනම් මෙරටට ආවේණික විශේෂ (අප්‍රිකාවේ ඇත් දළ) ඕකිඩ් වෙළඳාම දැව හා සමුද්‍රික නිෂ්පාදන වැනි වර්තමානයේ කළමණාකරණ පාලනයන් පනවා ඇති වුවත් තවමත් විශාල ප්‍රමාණයෙන් වෙළඳාම් කරන විශේෂ වඩා හොඳින් නියාමනය කෙරෙනු ඇත.

සයිටීස් යනු යුරෝපා සංගමයේ සාමාන්‍යකරණය කරන ලද මනාප ක්‍රමය යටතේ දියුණු වෙමින් පවතින රටවල වෙළඳ දිරිගැන්වීම් ලබා දීමේ දී සලකා බැලෙන එක් සම්මුතියකි. 2010 වසරේ ශ්‍රි ලංකාවට GSP+ සහනය අහිමි වූ අතර 2017 වසරේ එය නැවත ලබා ගැනීමේ දී GSP+ සදහා සලකා බලන සම්මුතීන් පිළිගැනීමට හා ක්‍රියාත්මක කිරිමට ශ්‍රි ලංකාව විසින් යුරෝපා සංගමයට පොරොන්දු විය.

2009 අංක 22 දරණ ශ්‍රි ලංකා ශාක හා සත්ත්ව ආරක්ෂණ පනත (සංශෝධිත) 2003 අංක 22 දරණ රේගු පනත (සංශෝධිත) හෝ වෙනත් නීත්‍යනුකූල මෙවලන් මඟින් ශ්‍රි ලංකාවේ සාගරය තුළ හෝ ඉන් පිටත නීත්‍යනුකූල නොවන ලෙස වනජීවීන් ජාවාරම් කිරිම සඳහා බාධා පැමිනවීමට ප්‍රමාණවත් නීත්‍යනුකූල ප්‍රතිපාදන සපයා නොමැත. මෑත අතීතයේ නීත්‍යානුකූල නොවන බෙහොමයක් වනජීවී ජාවාරම් වලට සම්බන්ධ ශ්‍රි ලංකාව හරහා ගමන් ගත් භාණ්ඩ නෞකා අනෙකුත් නැගෙනහිර ආසියාතික රටවල් මඟින් අත් අඩංගුවට ගෙන රඳවා තබා ගෙන ඇත. මේ සමඟ ම මෑත කාල වකවානුවේ වනජීවී නිදර්ශක ශ්‍රි ලංකාව තුළට ගෙන ඒම හා ඉන් පිටතට ගෙනයාම ඉහළ මට්ටමක පවතී.

ශ්‍රි ලංකා රේගු පනතේ නීතිමය ප්‍රතිපාදන යටතේ නියාමනය කර ඇති ආකාරයට පවතින සම්පත් යටතේ ශ්‍රි ලංකාවෙන් පිටත නික්ම යන ස්ථාන තුළ දී නීත්‍යානුකූල නොවන වනජීවී ජාවාරම් ආවරණය කර ගැනීමට ශ්‍රි ලංකා රේගුව විසින් වනජීවීන්ට අදාළව කර දැවැන්ත අනාවරණ ද්විත්වයක් සඳහා ජාත්‍යන්තර අවධානය හිමි වූ බව මෙහිදි සඳහන් කළ යුතුය. 2012 වසරේදී ශ්‍රි ලංකා රේගුව විසින් ඩුබායි වෙත ප්‍රවාහනය කළ අප්‍රිකානු ලේ ඇත් දළ බහාලුම රාජ සන්තක කළ අතර 2014 වසරේ ටැන්සානියාවේ සිට නැගෙනහිර ආසියාවට ප්‍රවාහනය කෙරෙමින් තිබූ රෝස දැව බහාලුම් 28ක් රඳවා ගැනීමට සමත් විය.

2016 ජනවාරි 26 ශ්‍රි ලංකාව තුළදී දකුණු ආසියානු කලාපයේ ප්‍රථම වතාවට ලේ ඇති දළ බහාලුමක් විනාශ කරන  ලදී. මේ අවස්ථාවට සහභාගී වීමට ශ්‍රි ලංකා රජයේ විශේෂ අමුත්තකෙු ලෙස සයිටීස් මහ ලේකම් ජෝන් ඊ ස්කැන්ලන් ශ්‍රි ලංකාවට පැමිණියේය. දකුණු ආසියානු කලාපයට පැමිණි පළමු සයිටීස් මහ ලේකම්වරයා ඔහුය. එතරම් විශාල ලේ ඇත් දළ තොගයක් රාජ සන්තක කිරිම හා එම තොගය ප්‍රසිද්ධියේ විනාශ කිරිමට පියවර ගැනීම පිළිබඳ සයිටීස් මහ ලේකම් ශ්‍රි ලාංකීය බලධාරීන්ට සිය ප්‍රසාදය පළ කළේය. 1948 මෙරට නිදහස ලැබීමෙන් පසු ශ්‍රි ලංකාවට ඉහළ මට්ටමේ ධනාත්මක ජාත්‍යන්තර මාධ්‍ය අවධානයක් අත්කර දුන්නේ මෙම රාජ සන්තක කළ ලේ ඇත් දළ බහාලන විනාශ කිරිමේ සිදුවීමයි.

ස්කැන්ලන්ගේ ශ්‍රි ලංකා සංචාරයේ දී සයිටීස් ක්‍රියාත්මක කිරිම සඳහා වන දේශිය රෙගුලාසි පිළිබඳව ශ්‍රි ලංකාවේ වනජීවී බලධාරීන් සමඟ සාකාච්ඡා කරන ලදී. සයිටීස් දේශිය රෙගුලාසි තුළට ඇතුළත් කරමින් දැනට සිටින කාණ්ඩ අංක 03 සිට කාණ්ඩ අංක 01 දක්වා පැමිණිමේ වැදගත්කම ඔහු මෙහිදි අවධාරණය තරන ලදී.

රටවල් 182ක පාර්ශවකරුවන් 183ක සහභාගීත්වයෙන් CITES CoP18 වන සමුළුවෙහි සත්කාරකත්වය ශ්‍රි ලංකාවට ලබාදීම ඉතා වැදගත් හා සැලකිය යුතු ජාත්‍යන්තර සමෝදානයක් වනු ඇත.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close