2021 ඔක්තෝබර් 05-08 යන දිනවල පැරීසියේ පැවැත්වූ යුරෝපයේ විශාලතම සංචාරක ප්‍රදර්ශනය වන අයි.එෆ්.ටී.එම්. ටොප් රේසා (IFTM TOP RESA) ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව සහභාගී වේ

 2021 ඔක්තෝබර් 05-08 යන දිනවල පැරීසියේ පැවැත්වූ යුරෝපයේ විශාලතම සංචාරක ප්‍රදර්ශනය වන අයි.එෆ්.ටී.එම්. ටොප් රේසා (IFTM TOP RESA) ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව සහභාගී වේ

ප්‍රංශයේ ජාත්‍යන්තර සංචාරක හා සංචාරක ව්‍යාපාර වෙළෙඳ ප්‍රදර්ශනය වන IFTM TOP RESA ප්‍රදර්ශනය 2021 ඔක්තෝබර් 5-8 යන දිනවල පැරීසියේ පෝර්ට් ද වර්සයිල්ස් හිදී පැවැත්විණි.

සංචාරක ව්‍යාපාරය සහ සංචාර සඳහා වූ බහු-ඉලක්කගත වෘත්තීය ප්‍රදර්ශනය වන IFTM TOP RESA ප්‍රදර්ශනය මඟින් සංචාර සඳහා පදනම් වන ව්‍යාපාර, විනෝදය, කණ්ඩායම්, MICE (රැස්වීම්, දීමනා, සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන) ආදී සියලුම අංශ ආවරණය කෙරේ.

ගරු සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමා, ගරු කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා, සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා, ආයෝජන මණ්ඩලයේ  සභාපති සංජය මොහොට්ටාල මහතා, රාජ්‍ය අමාත්‍යංශ කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් සාවිත්‍රි පානබොක්ක මහත්මිය සහ සංචාරක මණ්ඩලයේ විරංග බණ්ඩාර මහතා යනාදීහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය සඳහා සහභාගී වූහ.

සංචාරක ව්‍යාපාරය භාර රාජ්‍ය ලේකම් ජීන්-බැප්ටිස්ට් ලෙමොයින් මහතා පෝර්ට් ද වර්සයිල්ස් හිදී IFTM Top Resa ප්‍රදර්ශනය විවෘත කළ අතර, එම අවස්ථාව සඳහා ලොව විවිධ රටවල සංචාරක අමාත්‍යවරු කිහිප දෙනෙක් ද සහභාගී වූහ.

මෙම වසරේ දී සංවිධායකයන් විසින් IFTM ප්‍රදර්ශනය සඳහා ඩිජිටල් වේදිකාවක් හඳුන්වා දෙනු ලබන අතර එය මෙම සංචාරක ප්‍රදර්ශනයට අනුපූරක වනු ඇත. මෙම මාර්ගගත විකල්පය තුළින් සියලුම සම්මන්ත්‍රණ සහ විවාද “මාර්ගගත” අයුරින් ක්‍රියාත්මක කිරීමට සහ “පුද්ගලික” හෝ “අතථ්‍ය” රැස්වීමක් සඳහා වේලාවක් වෙන්කර ගැනීමට අවස්ථාවක් සැලසෙයි.

ශ්‍රී ලාංකික හෝටල් හිමියන් සහ සංචාරක ක්‍රියාකරුවන්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, වෝකර්ස් ටුවර්ස් ලිමිටඩ්, ශාන්ති ඇඩ්වෙන්චර් ටුවර්ස් පුද්ගලික සමාගම වැනි බොහෝ පිරිසකට මෙම ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය විසින් පහසුකම් සලසා තිබුණි.

පැරීසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නියෝජනය කරමින් ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මැතිනිය, දෙවැනි ලේකම් දුලාංජි හේරත් මහත්මිය, තුන්වැනි ලේකම් අමිල දිසානායක මහතා යනාදීහු ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමඟ මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය සඳහා සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

පැරිස්

2021 ඔක්තෝම්බර් මස 25වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close