සිංහල හා දෙමළ අලුත් අවුරුදු සහ පොසොන් භක්ති ගී ගායන තරඟ වලදී දක්ෂතා දැක්වූ විගමණික ශ්‍රමිකයින්ගේ දක්ෂතා අගය කිරීම

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සහ පොසොන් භක්ති ගී ගායන තරඟ වලදී දක්ෂතා දැක්වූ විගමණික ශ්‍රමිකයින්ගේ දක්ෂතා අගය කිරීම

 ලෙබනන් හා සිරියාවේ තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික හා ප්‍රජා සුභසාධන වැඩසටහනේ කොටසක් ලෙස මාර්ගගතව පවත්වන ලද සිංහල හා දෙමළ අලුත් අවුරුදු තරඟ සහ පොසොන්  භක්ති ගී ගායන තරඟවල ජයග්‍රාහකයින්ට උපහාර දැක්වීමේ තිලිණ හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවයක් තානාපති ශානි කල්‍යාණරත්න කරුණාරත්න, උපදේශක ශ්‍රීමාල් කහතුදුව, දෙවන ලේකම් (කම්කරු) ටී. ලක්ෂ්මීදරන් සහ තානාපති කාර්යාල නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ජූලි 18 වන ඉරිදා පැවැත්විණි.

මෙම තරඟ සංවිධානය කරනු ලැබුවේ රත්නදීප ජාත්‍යන්තර විගමණික මණ්ඩපයේ නිර්මාතෘ හා සභාපති කුසුම් කොඩිකාර මහත්මිය විසිනි.

තරින්දු අශාන් රන්දික ආබෲ, සමාධි සන්දීපානී මධුරසිංහ, තිලිනි රන්දිමා පෙරේරා, කේ.එම්. කාංචනා කුලතුංග, ආර්.බී.මල්ලිකා රණබාහු සහ ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් අලුත් අවුරුදු තරගවල ජයග්‍රාහකයින් විය.

පොසොන් භක්ති ගී අංශය සඳහා සහභාගී වූවන් 15 දෙනෙකුට සහතිකපත් හිමි වූ අතර ඉහළම ජයග්‍රාහකයන් වූයේ පිළිවෙලින් බහරේන්හි ඩබ්ලිව්. ඒ. මුතුමැණිකා, ලෙබනන්හි එම්. එම්. ජානකී සකුන්තලා සහ ශ්‍රී ලංකාවේ සිට සහභාගි වූ මහින්ද බණ්ඩාර දිසානායක යන මහත්ම මහත්මීන්ය.

ජානකි සකුන්තලා මහත්මිය සහ නිලූ ගුණවර්ධන මහත්මිය විසින් බෞද්ධ භක්ති ගීත ගායනා කරමින් මෙම වැඩසටහන තවදුරටත් වර්ණවත් කරන ලදි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බේරූට්

2021 ජූලි 22 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close