තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා ස්ලොවැකියාවේ දී සිය අක්තපත්‍ර පිළිගන්වයි

තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා ස්ලොවැකියාවේ දී සිය අක්තපත්‍ර පිළිගන්වයි

තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා 2021 ජූලි 07 වැනි දින බ්‍රැටිස්ලාවා හි ජනාධිපති මන්දිරයේ දී ස්ලොවැකියාව සඳහා ශ්‍රී ලංකාවේ අති විශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස අක්තගන්වනු ලබන සිය අක්තපත්‍ර, ස්ලෝවැක් ජනරජයේ ජනාධිපති සුසානා කැපුටෝවා මැතිනිය වෙත පිළිගැන්වීය.

මෙම අක්තපත්‍ර පිළිගැන්වීමේ උළෙලට ස්ලෝවැකියානු සන්නද්ධ හමුදා විසින් ගෞරව සම්මාන පිරිනැමීම සහ ස්ලෝවැක් ජනරජයේ ජනාධිපති සුසානා කැපුටෝවා මැතිනිය වෙත අක්තපත්‍ර ඉදිරිපත් කිරීම ඇතුළත් විය. මෙහි දී ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ස්ලොවැකියානු ජනාධිපතිවරිය සමඟ එක්වූහ. එදිනම, බංග්ලාදේශය, නයිජීරියාව, පාකිස්තානය, පැරගුවේ, දකුණු අප්‍රිකාව සහ උරුගුවේ යන රටවල තානාපතිවරු හය දෙනෙක් ස්ලෝවැකියාවේ ජනාධිපතිවරිය වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූහ. ශ්‍රී ලංකා තානාපතිවරයා සමඟ තානාපති කාර්යාලයේ උපදේශක සහ චාන්සරි ප්‍රධානී චරිත වීරසිංහ සහ ස්ලෝවැකියාවේ ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල් පීටර් ගැබාලෙක් යන මහත්වරු සහභාගී වූහ.

තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා ස්ලෝවැක් ජනරජයේ ජනාධිපතිවරියට සහ ස්ලෝවැකියාවේ ජනතාව වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ සුබ පැතුම් එක් කළේය.

අක්තපත්‍ර පිළිගැන්වීමට සමගාමීව, සංධාන ප්‍රධානී/ රාජ්‍යතාන්ත්‍රික සංධාන අධ්‍යක්ෂ, රෝමන් හ්ලෝබන් මහතා, දේශපාලන අධ්‍යක්ෂ ජනරාල් රෝමන් බුසෙක් මහතා සහ එක්සත් ජාතීන්ගේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, විදේශ හා යුරෝපීය කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ඔන්ඩ්‍රෙජ් ගැවලෙක් මහතා සමඟ රැස්වීම් පවත්වන ලදී.

ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි ශ්‍රී ලංකාව සහ ස්ලොවැකියාව අතර පෝෂණය වූ විශේෂ සබඳතා ක්‍රමිකව ව්‍යාප්ත කිරීම හා ශක්තිමත් කිරීම පිළිබඳව තානාපතිවරයා සිහිපත් කළේය. ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කිරීම හා තවදුරටත් පොහොසත් කිරීම සඳහා පවතින අතිවිශාල විභවය පරිවර්තනය කිරීම සඳහා, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා සහයෝගීතාවයේ ඉහළ තලයක් කරා සබඳතා ඉදිරියට ගෙන යන ආර්ථික, වෙළඳ, ආයෝජන සහ සංචාරක අංශ ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව යළි අවධාරණය කරන ලදී.

ස්ලෝවැකියානු කෘෂිකර්ම හා ආහාර වාණිජ මණ්ඩලයේ අධීක්ෂණ මණ්ඩලයේ සභාපති පීටර් බෙන්කුරික් මහතා සහ පල්මා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති මාටින් වර්ගා මහතා සමඟ වෙළඳ, ආයෝජන සහ සංචාරක කටයුතු නව සාමාන්‍ය තත්ත්වය තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා වන නව අවස්ථා පිළිබඳව සාකච්ඡා කරන ලදී.

තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා 1998 දී ශ්‍රී ලංකා විදේශ සේවයට බැඳුණු අතර, ඕස්ට්‍රියාව සඳහා පත්වීමට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා ලෙස කටයුතු කළේය. ෂැංහයි හි කොන්සල් ජෙනරාල්, මහජන චීන සමූහාණ්ඩුව සහ මැලේසියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් ලෙස සේවය කිරීම එතුමාගේ රාජ්‍යතාන්ත්‍රික වෘත්තියට ඇතුළත් විය.

තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා එක්සත් රාජධානියේ බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන අතර ශ්‍රී ලංකාවේ ශාන්ත ජෝශප් විද්‍යාලයේ සහ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි‍.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

වියානා

2021 ජූලි 22 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close