සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර මහ කොමසාරිස්වරයා (ආරක්ෂණ) සහ දූත පිරිස චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා හමුවෙයි

 සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර මහ කොමසාරිස්වරයා (ආරක්ෂණ) සහ දූත පිරිස චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා හමුවෙයි

සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය (UNHCR) හි සහකාර මහ කොමසාරිස් (ආරක්ෂණ) ගිලියන් ට්‍රිග්ස් මහතා ප්‍රමුඛ දූත පිරිසක් 2022 අප්‍රේල් 28 වන දින තමිල්නාඩුවේ ශ්‍රී ලාංකික සරණාගතයින්ගේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී. වෙන්කේෂ්වරන් මහතා හමුවිය.

මෙම හමුවේදී සහකාර මහ කොමසාරිස් ගිලියන් ට්‍රිග්ස් මහතා තමිල්නාඩුවේ වෙසෙන ශ්‍රී ලාංකික සරණාගතයින්ට උපකාර කිරීම සඳහා ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් දරන ලද ප්‍රයත්නයන් විශේෂයෙන් අවධාරණය කර ඇගයීමට ලක් කළ අතර ස්වේච්ඡාවෙන් මව්බිම වෙත ආපසු ගෙන්වා ගැනීමේ වැඩසටහන සඳහා UNHCR හි සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කළේය.

ආසියා සහ පැසිෆික් කලාපීය කාර්යාංශයේ (RBAP) අධ්‍යක්ෂිකා ඉන්ද්‍රිකා රත්වත්ත, ඉන්දියා සහ මාලදිවයින් දූත මණ්ඩල ප්‍රධානී ඔස්කාර් මුන්ඩියා, ඉන්දීය දූත මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී කවිතා බෙලනි, චෙන්නායි හි ක්ෂේත්‍ර කාර්යාල මණ්ඩල ප්‍රධානී, සචිතානන්දවාලන් මයිකල්, සහකාර මහ කොමසාරිස්වරයාගේ විධායක සහකාර ඇලිස් එලිසබෙත් ගෝෆ්, UNHCR නියෝජනය කරමින් RBAP හි අධ්‍යක්ෂවරියගේ විධායක සහකාර වාට්චරින් තායි සහ දූත මණ්ඩලයේ පළමු ලේකම් (කොන්සියුලර්) ප්‍රශාන්ති ක්‍රිෂ්ණමූර්ති යනාදී මහත්ම මහත්මීහු ගණනාවක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම හමුවෙන් අනතුරුව, නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා විසින් UNHCR නියෝජිතයින් පිරිසට චාන්සරි පරිශ්‍රයේ පැවති විශේෂ කොන්සියුලර් කඳවුරක් වෙත ආරාධනා කෙරිණි. මෙම කඳවුරේදී ශිවගංගයි දිස්ත්‍රික්කයේ තලෙයියූර් සහ තායමංගලම්, මදුරෙයි දිස්ත්‍රික්කයේ කූඩල් නගර්, තිරුවත්වූර් සහ අනයියූර්, තිරුනෙල්වේලි දිස්ත්‍රික්කයේ බෝගනල්ලූර් යන ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකික විදේශිකයින් සඳහා පුරවැසි සහතික 244, උප්පැන්න සහතික 58, RRP (සරණාගත නැවත පැමිණීමේ වැඩසටහන) 4 විදේශ ගමන් බලපත්‍ර නිකුත් කෙරිණි.

ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය

චෙන්නායි

2022 මැයි 05 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close