ශ්‍රී ලංකා - ස්වීඩන් දේශපාලන උපදේශන සාකච්ඡාවන්හි පළමු වටය 2023 නොවැම්බර් 09 දින සාර්ථකව අවසන් විය

ශ්‍රී ලංකා – ස්වීඩන් දේශපාලන උපදේශන සාකච්ඡාවන්හි පළමු වටය 2023 නොවැම්බර් 09 දින සාර්ථකව අවසන් විය

ශ්‍රී ලංකාව සහ ස්වීඩනය විසින් දෙරට අතර ජ්‍යෙෂ්ඨ නිලධාරී මට්ටමින් පැවති ද්වීපාර්ශ්වික දේශපාලන උපදේශන සාකච්ඡාවන්හි පළමු වටය 2023 නොවැම්බර් 09 වැනි දින කැඳවන ලදී.  2024 දී සමරනු ලබන දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 75 වැනි සංවත්සරයට සමගාමීව මෙම උපදේශන සාකච්ඡා පැවැත්වීය.

පවතින බහුපාර්ශ්වික හවුල්කාරිත්වය තහවුරු කිරීම සහ සහයෝගීතාව වැඩි කිරීම සඳහා නව මාර්ග හඳුනා ගැනීම කෙරෙහි උපදේශනවල සාකච්ඡාවලදී අවධානය යොමු විය. තොරතුරු තාක්ෂණයේ ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම, විද්‍යාව හා තාක්‍ෂණය, දේශගුණික විපර්යාස සහ පරිසරය සහ ද්විපාර්ශ්වික ආර්ථික හවුල්කාරිත්වය සාකච්ඡාවේ ප්‍රධාන අවධානය යොමු වූ ක්ෂේත්‍ර විය. බහුපාර්ශ්වික සාකච්ඡාවල දී සහයෝගිතාව පිළිබඳව ද දෙපාර්ශවය විසින් අදහස් හුවමාරු කර ගත්හ.

පර්යේෂණ සහ සංවර්ධනය, තොරතුරු තාක්ෂණය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයතනික සහයෝගීතාවය පිළිබඳ සහ ශක්‍යතා සංවර්ධන හැකියාව ගවේෂණය කිරීමට ශ්‍රී ලංකා පාර්ශ්වය දැඩි උනන්දුවක් දක්වන ලදී. රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරය (2024) සැමරීම සඳහා ස්වීඩනයේ සිට ඉහළ මට්ටමේ සංචාරවල අපේක්ෂාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණ.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්/ද්විපාර්ශ්වික කටයුතු (බටහිර) යසෝජා ගුණසේකර මහත්මිය සහ ස්වීඩනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියා, පැසිෆික් කලාපය සහ ලතින් ඇමරිකාව පිළිබඳ දෙපාර්තමේන්තු ප්‍රධානී ඔස්කා ෂ්ලිටර් මහතා විසින් මෙම උපදේශන සාකච්ඡාවල සම සභාපතිත්වය දරන ලදී. .

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2023 නොවැම්බර් 13

Print Friendly, PDF & Email
Please follow and like us:

Close