ශ්‍රී ලංකා විදේශ සේවයට (SLFS) බැඳීම සඳහා සුදුසුකම් ලත් අපේක්ෂකයින් 40 දෙනෙකු බඳවා ගැනීමේ ගැසට් නිවේදනය

ශ්‍රී ලංකා විදේශ සේවයට (SLFS) බැඳීම සඳහා සුදුසුකම් ලත් අපේක්ෂකයින් 40 දෙනෙකු බඳවා ගැනීමේ ගැසට් නිවේදනය

 

ශ්‍රී ලංකා විදේශ සේවයට (SLFS) බැඳීම සඳහා සුදුසුකම් ලත් අපේක්ෂකයින් 40 දෙනෙකු බඳවා ගැනීමේ ගැසට් නිවේදනය දැන් ප්‍රකාශයට පත් කර ඇති බව විදේශ අමාත්‍යාංශය සතුටින් ප්‍රකාශ කරයි.

මෙම අංක 2,223 දරන සහ 2021 අප්‍රේල් 9 දිනැති ගැසට් නිවේදනය වෙත http://www.documents.gov.lk/files/gz/2021/4/2021-04-09(I-IIA)E.pdf වෙබ් සබැඳිය ඔස්සේ පිවිසිය හැකිය.

ශ්‍රී ලංකා විදේශ සේවය සඳහා නිලධාරීන් පත් කිරීමේ අධිකාරිය වන රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සකස් කරන ලද නීතිරීති හා රෙගුලාසිවලට අනුව විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන විවෘත තරඟකාරී බඳවා ගැනීමේ විභාගයක් මගින් සෑම වසර කිහිපයකට වරක් විදේශ සේවය සඳහා සාමාජිකයින් තෝරා ගනු ලැබේ.

සේවයට බැඳීම සඳහා තෝරාගන්නා ලද සාර්ථක අයදුම්කරුවන් හට විදේශ අමාත්‍යාංශයේ සේවය කිරීමට අවස්ථාව ලැබෙන අතර, විදේශ ශ්‍රී ලංකා දූත මණ්ඩල 67 ක දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ වරප්‍රසාදය හිමි වේ.

ශ්‍රී ලංකා විදේශ සේවය (SLFS) යනු 1949 වසරේ දී පිහිටුවන ලද ශ්‍රී ලංකාවේ සුවිශේෂී රාජ්‍ය සේවයකි. එය ශ්‍රී ලංකාවේ වෘත්තීය රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ ආයතනයයි.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2021 අප්‍රේල් 09 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close