ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා නයිජීරියාව රදවාගෙන සිටින යාත්‍රාවේ කාර්ය මණ්ඩලය හමුවෙයි

ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා නයිජීරියාව රදවාගෙන සිටින යාත්‍රාවේ කාර්ය මණ්ඩලය හමුවෙයි

කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේලුපිල්ලේ කනනාදන් මැතිතුමා ඉන්දියාවේ, පෝලන්තයේ සහ පිලිපීනයේ මහ කොමසාරිස්වරු/රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සමඟ එක්ව, 2022 නොවැම්බර් 27 වැනි දින එම්/ටී හෙරොයික් ඉදූන් ( M/T Heroic IDUN) නෞකාව තුළ කොන්සියුලර් සංචාරයක නිරත විය.

ශ්‍රී ලංකා කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව මහ කොමසාරිස්වරයා මෙම සංචාරයෙන් අනතුරුව තහවුරු කළේ ය. ආහාර, වෛද්‍ය පහසුකම්, විනෝදාස්වාද පහසුකම් ඇතුළුව ප්‍රමාණවත් ආරක්ෂාවක් මෙන්ම  සියලු ආකාරයේ සහය නයිජීරියානු නාවික හමුදාව විසින් ඔවුන් වෙත සලසනු ලැබේ.

මෙම නෞකාව 2022 අගෝස්තු මස නයිජීරියානු සමුද්‍ර පරිසරයට ඇතුළු වීම හේතුවෙන් නයිජීරියානු බලධාරීන් විසින් එය රඳවා තබා ගන්නා ලදී. ඊට අදාළ මීළඟ නඩු විභාගය 2023 ජනවාරි 11 වැනි දිනට නියමිත ය.

විදේශ කටයුතු අමාත්‍යංශය සහ මහ කොමසාරිස් කාර්යාලය මෙම තත්ත්වය තවදුරටත් නිරීක්ෂණය කරනු ඇත.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2022 දෙසැම්බර් 02 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close