ශ්‍රී ලංකා දූත මණ්ඩල බතික්, අත්යන්ත්‍ර රෙදිපිලි සහ දේශීය ඇඟලුම් ප්‍රවර්ධනය කරයි

ශ්‍රී ලංකා දූත මණ්ඩල බතික්, අත්යන්ත්‍ර රෙදිපිලි සහ දේශීය ඇඟලුම් ප්‍රවර්ධනය කරයි

ලොව පුරා ශ්‍රී ලංකා දූත මණ්ඩල හරහා ශ්‍රී ලංකාවේ බතික්, අත්යන්ත්‍ර සහ දේශීය ඇඟලුම් නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා, විදේශ අමාත්‍යාංශය සහ බතික්, අත්යන්ත්‍ර සහ දේශීය ඇඟලුම් නිෂ්පාදන පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය 2022 පෙබරවාරි 18 වැනි දින විදේශ අමාත්‍යාංශයේ දී ඒකාබද්ධ සැසියක් පැවැත්වීය.

උත්සවයේ මුලසුන දැරූ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, ආර්ථික රාජ්‍යතාන්ත්‍රික මුලපිරීම්වල වැදගත්කම සහ ශ්‍රී ලාංකික දේශීය නිෂ්පාදන ජනතාවගේ නිර්මාණශීලීත්වයේ ප්‍රතිඵලයක් බවත් අවධාරණය කරමින්, විදේශයන්හි දී ඔවුන් ප්‍රවර්ධනය කිරීම ඔවුන්ගේ බිම් මට්ටමේ ආර්ථිකය සෘජුවම නංවාලනු ඇති බව පැවසීය. බතික්, අත්යන්ත්‍ර සහ දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඔවුන් අක්තගන්වා සිටින රටවල ශ්‍රී ලාංකේය බතික් සහ අත්යන්ත්‍ර නිෂ්පාදන ප්‍රබල ලෙස ප්‍රවර්ධනය කරන ලෙස ශ්‍රී ලංකා තානාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කළ අතර, දූත මණ්ඩලවල සහ උත්සව අවස්ථාවල දී ප්‍රදර්ශනය කිරීම සඳහා සාම්පල පිරිනැමීය. විදේශ රටවල දී ඒවා ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන යන විවිධ ක්‍රියාමාර්ග පිළිබඳව ද ඔහු පැහැදිලි කළේය. ශ්‍රී ලංකාවේ ගෘහ කර්මාන්තයෙන් නිමැවෙන කලා නිර්මාණවල අලංකාරය පිළිබඳව දැනුවත් කළ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා මෙම ක්ෂේත්‍රය නැවත පණ ගැන්වීම සඳහා සතිපතා බතික් දිනයක් පැවැත්වීමට යෝජනා කළේය.

බතික්, අත්යන්ත්‍ර සහ දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති මහතා, ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ සභාපති ලක්මාල් වික්‍රමආරච්චි මහතා සහ විදේශ අමාත්‍යාංශයේ සහ කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූ අතර, ශ්‍රී ලංකාවේ තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් සහ අනෙකුත් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතථ්‍ය ලෙස සම්බන්ධ විය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2022 පෙබරවාරි 18 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close