ශ්‍රී ලංකාව සහ තුර්කියේ අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරමින් දෙවැනි දේශපාලන උපදේශන වටය පැවැත්වේ

ශ්‍රී ලංකාව සහ තුර්කියේ අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරමින් දෙවැනි දේශපාලන උපදේශන වටය පැවැත්වේ

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය සහ තුර්කියේ ජනරජය අතර දේශපාලන උපදේශනවල දෙවැනි වටය 2026 මැයි 05 වැනි දින අන්කාරා හි තුර්කියේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සාර්ථකව පැවැත්විණි. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ යුරෝපා සහ උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න සහ තුර්කියේ ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියාව සඳහා අධ්‍යක්ෂ ජනරාල් තානාපති ජිහාඩ් ඇග්නයි විසින් මෙම උපදේශනයන්හි සම-සභාපතිත්වය දරන ලදී.

ශ්‍රී ලංකාව සහ තුර්කියේ අතර දිගුකාලීන සහ සුහද සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්අන්‍යෝන්‍ය ගෞරවයබෙදාගත් වටිනාකම් සහ පොදු අවශ්‍යතා මත පදනම් වූ සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම සඳහා වන දෙරටේ හවුල් කැපවීම මෙම සාකච්ඡා මඟින් පිළිබිඹු කරන ලදී. ද්විපාර්ශ්වික සබඳතාවල ශක්තිමත් ඓතිහාසික පදනම් මත ගොඩනැගෙමින්ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ සහයෝගීතාවේ නව මාර්ග හඳුනා ගැනීම සඳහා අඛණ්ඩව දේශපාලන සංවාදය නිරත වීමේ වැදගත්කම දෙපාර්ශ්වයම අවධාරණය කළහ.

උපදේශන අතරතුරදීනියෝජිත කණ්ඩායම් ද්විත්වය විසින්ද්විපාර්ශ්වික දේශපාලන සබඳතාවෙළඳ හා ආර්ථික සහයෝගීතාවආරක්ෂක සහයෝගීතාවසම්බන්ධතාව සහ සමුද්‍රීය කටයුතුඅධ්‍යාපනයවිද්‍යාව හා තාක්ෂණය සහ කලාපීය සහ බහුපාර්ශ්වික ගැටළු ඇතුළු පුළුල් පරාසයක ක්ෂේත්‍ර ආවරණය වන පරිදි පුළුල් හා ඉදිරි දැක්මක් සහිත සාකච්ඡාවල නිරත විය. එහිදී විශේෂයෙන් ඖෂධපුනර්ජනනීය බලශක්තියසංචාරකසැපයුම් සහ තාක්ෂණය වැනි අංශවල ආයෝජන සහ ඒකාබද්ධ ව්‍යාපාර පුළුල් කිරීමේ අවස්ථා ද ගවේෂණය කරන ලදී.

දිට්වා සුළි කුණාටුවෙන් පසු තුර්කියේ රජය විසින් ලබා දුන් මානුෂීය ආධාර සඳහා ශ්‍රී ලංකාව අවංක කෘතඥතාව පළ කළ අතරප්‍රතිසංස්කරණ හා සංවර්ධන මුලපිරීම් අරමුණු කරගත් වැඩිදුර සහයෝගීතාවේ මාර්ග පිළිබඳව දෙපාර්ශ්වයම සාකච්ඡා කළහ. ආයතනික සම්බන්ධතා සහ ශක්‍යතා සංවර්ධනයන් ශක්තිමත් කිරීම සඳහා දෙපාර්ශ්වයම ඔවුන්ගේ කැපවීම නැවත තහවුරු කරමින්ආරක්ෂක සහ ආරක්ෂණ සහයෝගීතාවයේ ස්ථාවර ප්‍රගතිය සම්බන්ධයෙන් ද උපදේශන අතරතුරදී සඳහන් කළහ.

ඉස්තාන්බුල් සහ කොළඹ අතර පවතින සෘජු ගුවන් සම්බන්ධතා වැඩි දියුණු කිරීම සහ සමුද්‍රීය සේවා සහ නීල ආර්ථිකයේ සහයෝගීතාව ගවේෂණය කිරීම ඇතුළුව සම්බන්ධතාව සහ සමුද්‍රීය සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි සාකච්ඡාවල අවධානය තවදුරටත් යොමු විය. අපේක්ෂිත ද්විපාර්ශ්වික ගිවිසුම් කඩිනමින් අවසන් කිරීම ඇතුළුව උසස් අධ්‍යාපනයවෘත්තීය පුහුණුව සහ විද්‍යාත්මක පර්යේෂණවල සහයෝගීතාව ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම ද දෙපාර්ශ්වයම සඳහන් කළහ.

බටහිර ආසියාවේදකුණු ආසියාවේ සහ ඉන්දියානු සාගර කලාපයේ වර්ධනයන් ඇතුළුව කලාපීය සහ ගෝලීය සංවර්ධනයන් පිළිබඳව දෙපාර්ශවය අදහස් හුවමාරු කරගත් අතරඅන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් බහුපාර්ශ්වික සංසදවලදී සමීපව කටයුතු කිරීමට ඇති කැපවීම ඔවුහු නැවත තහවුරු කළහ. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්මජාත්‍යන්තර නීතිය සහ බහුපාර්ශ්වික සහයෝගීතාවට අනුගත වීම දෙපාර්ශ්වයම නැවත අවධාරණය කළහ.

තිරසාර සංවර්ධනයකලාපීය ස්ථාවරත්වය සහ අන්‍යෝන්‍ය සමෘද්ධිය පිළිබඳ පොදු දැක්මකින් මඟ පෙන්වනු ලබන ද්විපාර්ශ්වික සබඳතා නව මානයකට රැගෙන යාමට දෙපාර්ශ්වයේම ඇති ශක්තිමත් දේශපාලන අභිප්‍රායදෙවැනි වටයේ දේශපාලන උපදේශන සාර්ථකව පැවැත්වීමෙන් පිළිබිඹු විය.

ශ්‍රී ලංකා නියෝජිත පිරිසටතුර්කියේ ජනරජයේ ශ්‍රී ලංකා තානාපති නිලූක කදුරුගමුවමිනිස්ටර්  නිලූෂා දිල්මිණි සහ පළමු වාණිජ ලේකම් දිලංග හෙට්ටිආරච්චි යන නිලධාරීහු ඇතුළත් වූහ.

මෙම සංචාරය අතරතුරදීඅධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්නශ්‍රී ලංකාව වෙත දිට්වා සුළි කුණාටුවෙන් පසු සංවර්ධන කටයුතු සඳහා ආධාර ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තුර්කියේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මානුෂීය හා තාක්ෂණික සහාය පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල් කෝර්හන් කැරැකොව් සහ තුර්කියේ සහයෝගීතා සහ සම්බන්ධීකරණ ඒජන්සියේ (TİKA) උප සභාපති ආචාර්ය අලී ඇර්ක්සාන් ද හමුවිය.


විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ

2026 මැයි 07  වැනි දින

Please follow and like us:

Close