කලාපීය ස්ථාවරත්වයට සහ සාමය ඇති කිරීම සඳහා ගනු ලබන ප්‍රයත්නවලට බලපෑම් එල්ල කරමින් වැදගත් බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල වන ප්‍රහාර ඇතුලු බටහිර ආසියානු කලාපයේ මෑත කාලීනව උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්ව පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළ කරයි.
ශ්‍රී ලාංකික ප්‍රජාව ඇතුලුව සැලකිය යුතු ජාත්‍යන්තර විදේශගත ප්‍රජාවක් මෙම කලාපය තුළ සිටින අතර, ඔවුන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම ශ්‍රී ලංකාවට අතිශයින්ම වැදගත් කරුණකි.
සිවිල් වැසියන්ගේ ආරක්ෂාව, සිවිල් යටිතල පහසුකම් සහ අත්‍යවශ්‍ය ගෝලීය සැපයුම් දාමවල ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාව තරයේ පෙනී සිටියි. අර්බුදකාරී තත්ත්ව උත්සන්න වීම අවම කිරීම සඳහා උපරිම සංයමයකින් කටයුතු කරන ලෙසත්, ඵලදායී සංවාදයක නිරත වන ලෙසත් ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.
කලාපයේ සාමය සහ ආරක්ෂාව යථා තත්ත්වයට පත් කිරීම සහ ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා හිතකර පරිසරයක් සහතික කිරීම අරමුණු කරගත් සියලු ප්රයත්න සඳහා සහය දීමට ශ්‍රී ලංකාව කැපවී සිටියි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2026 මැයි 06 වැනි දින


