ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ආහාර අංශයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කෙරේ

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ආහාර අංශයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කෙරේ

ශ්‍රී ලංකාව සහ ඕමාන සුල්තාන් රාජ්‍යය අතර ආහාර අංශයේ ද්විපාර්ශ්වික වෙළඳාම ප්‍රවර්ධනය කිරීම පිළිබඳ ඵලදායී සාකච්ඡාවක් ඉකුත්දා ඕමානයේදී පැවැත්විණ. ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා සහ ඕමාන් ෆුඩ් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩින් සමාගමේ සාලේ එම්. අල් ෂන්ෆාරි මහතා අතර මෙම සාකච්ඡාව පැවැත්විණ. ආහාර අංශයේ අන්‍යෝන්‍ය සහයෝගීතාව සඳහා නව ක්ෂේත්‍ර ගවේෂණය කළ ඔවුහු ඕමානයේ ෆුඩ් ඉන්වෙස්ට්මන්ට්හෝල්ඩින් සමාගම (OFIC) සහ ශ්‍රී ලංකාවේ ආහාර අංශයේ සමාගම් අතර අන්තර් ව්‍යාපාර සබඳතා සම්බන්ධ කිරීමට එකඟ වූහ.

ඕමාන් ෆුඩ් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩින් සමාගම යනු රජයේ නියෝජිතායතන, පෞද්ගලික මෙහෙයුම්කරුවන් සහ ආයෝජකයින් සමඟ හවුල්කාරිත්වය තුළින් ඕමානයේ ආහාර සුරක්ෂිතතාව ප්‍රවර්ධනය කිරීම සඳහා බලය පවරන ලද ඕමාන ආයෝජන අධිකාරියට අයත් රාජ්‍ය ව්‍යවසායයකි (SOE). ආහාර සමාගම්, ආයෝජකයින් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් දේශීය හා ජාත්‍යන්තර ආහාර ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමෙන් ඕමානයේ ආහාර සුරක්‍ෂිතතාව සහ ආර්ථික යහපැවැත්ම ඉහළ නැංවීම OFIC අරමුණු කරයි. OFIC යනු ඕමානයේ ප්‍රමුඛ පෙළේ ආහාර අංශයේ සමාගම් 10 කට වැඩි ගණනකින් සමන්විත සමාගම් සමූහයකි.

තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා සමඟ ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් දිලිනි අබේසේකර මහත්මිය ද මෙම සාකච්ඡාවට සහභාගී වූවාය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
මස්කට්

2021 අප්‍රේල් 29 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close