රියාද් හි ‘ටාර්හීල්’ නම් පිටුවහල් කිරීමට නියමිත අයවලුන් රඳවා තබා ගන්නා කඳවුරේ සිටි ශ්‍රී ලාංකිකයන්ගේ පළමුවැනි කණ්ඩායම හෙට දිවයිනට

රියාද් හි ‘ටාර්හීල්’ නම් පිටුවහල් කිරීමට නියමිත අයවලුන් රඳවා තබා ගන්නා කඳවුරේ සිටි ශ්‍රී ලාංකිකයන්ගේ පළමුවැනි කණ්ඩායම හෙට දිවයිනට

සවුදි අරාබියේ රියාද් හි ‘ටාර්හීල්’ නම් පිටුවහල් කිරීමට නියමිත අයවලුන් රඳවා තබා ගන්නා කඳවුරේ සිටි ශ්‍රී ලාංකිකයන්ගේ පළමුවැනි කණ්ඩායම සිකුරාදා (30) දින නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඉන් පසුව, දෙවැනි හා තෙවැනි කණ්ඩායම් මැයි 03 සහ මැයි 05 යන දිනවල දී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

මෙම කඳවුරේ රැඳවියන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය, සෞදි බලධාරීන් සහ රියාද් හි ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය අතර පවත්නා අඛණ්ඩ සහයෝගීතාවයේ ප්‍රතිඵලයකි. 2020 ජූලි මාසයේ සිට තානාපති කාර්යාලය විසින් පිටුවහල් කිරීමේ කඳවුරුවලින් ශ්‍රී ලාංකිකයින් 154 දෙනෙකුට නැවත ශ්‍රී ලංකාවට යාම සඳහා පහසුකම් සලසා දී ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
රියාද්

2021 අප්‍රේල් 29 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close