ශ්‍රී ලංකාව සමඟ  ආර්ථික  සබදතා ගවේෂණයට  සයිප්‍රසය අවධානය යොමු කරයි

ශ්‍රී ලංකාව සමඟ  ආර්ථික  සබදතා ගවේෂණයට  සයිප්‍රසය අවධානය යොමු කරයි

සයිප්‍රසය සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන සබඳතාවලට අමතරව ආර්ථික අංශය කෙරෙහි නැඹුරු වූ ක්‍රියාකාරකම් පිළිබඳව ගවේෂණය කළ යුතු කාලය මෙය බව  සයිප්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අභිනව  සභාපතිනි ඇනිටා ඩිමෙට්‍රියෝ මැතිණිය හමුවේ, සයිප්‍රස් ජනරජයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් එම්.එච්.එම්.එන්. බණ්ඩාර මහතා ඉකුත් 5 වනදා සභාපතිනිය හමු වු අවස්ථාවේදී ඇය මේ බව සඳහන් කර තිබේ. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අභිනවයෙන් පත් වූ සභාපතිනියගේ රාජකාරි භාරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා විසින් නිකුත් කරන ලද උපහාර පණිවිඩය කොන්සල් ජනරාල්වරයා විසින් ඇයට භාර දීමද මේ හමුවේ දී සිදු විය.

එසේම, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ හිටපු සභාපතිවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායකවරයාට සයිප්‍රසයේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ආරාධනා කළ බවත්, යථා කාලයේ දී එම සංචාරය සංවිධානය කෙරෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් එතුමිය සඳහන් කළාය‍.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සභාපතිවරිය සයිප්‍රස්-ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍ර කණ්ඩායම නැවත සක්‍රීය කිරීමට තීරණය කළ අතර, දෙරටම සාමාජිකයින් වන පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය සමඟ එක්ව කටයුතු කිරීමට ද එතුමිය කැමැත්තෙන් සිටී.

ශ්‍රී ලංකාව සහ සයිප්‍රසය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා 1963 දී ආරම්භ වූ අතර, නේවාසික කොන්සල් ජනරාල් කාර්යාලය 2019 පෙබරවාරි 19 වැනි දින විවෘත කරන ලදි. සයිප්‍රසයේ විවිධ රැකියාවල නියුක්තව 6,000 කට අධික ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාවක් සිටින අතර, නිකොසියා හි පිහිටි ශ්‍රී ලාංකික විහාරස්ථාන දෙකෙහි භික්ෂූන් වහන්සේලා සිව් නමක් වැඩ සිටිති.

කෘෂිකාර්මික නිෂ්පාදන, නැව් තැනීම, ඖෂධ, බොරතෙල් සහ රසායනික ද්‍රව්‍ය පිළිබඳ වැඩි වෙළෙඳ සබඳතා ඇති කර ගැනීම සඳහා සයිප්‍රසය සහ ශ්‍රී ලංකාව කැමැත්තෙන් සිටිති.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

නිකොසියා

2021 අගෝස්තු 11 වැනි දින

Please follow and like us:

Close