ශ්‍රී ලංකාවේ නිර්මාණ ශිල්පීය ක්‍රම ජෝර්දානයේ දී ප්‍රදර්ශනය කෙරේ

ශ්‍රී ලංකාවේ නිර්මාණ ශිල්පීය ක්‍රම ජෝර්දානයේ දී ප්‍රදර්ශනය කෙරේ

ජෝර්දානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, අම්මාන් හි පිහිටි ඇඟළුම් නිර්මාණ පුහුණු සේවා මධ්‍යස්ථානයේ පුහුණුව ලබන ජෝර්දාන ජාතික සිසුන් හට ශ්‍රී ලංකා ඇකඩමි ඔෆ් ඩිසයින් ආයතනයේ ඉගැන්වෙන නව්‍ය නිර්මාණ සහ අලෙවිකරණ ශිල්පීය ක්‍රම ප්‍රදර්ශනය කිරීමේ සහ දැනුම බෙදා දීමේ අරමුණින් අතථ්‍ය වැඩමුළුවක් සංවිධානය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඇකඩමි ඔෆ් ඩිසයින් ආයතනය (AOD) සමඟ හවුල් විය. මෙම ඇඟළුම් නිර්මාණ පුහුණු සේවා මධ්‍යස්ථානය 2003 වර්ෂයේ දී එරට අමාත්‍ය මණ්ඩලය විසින් පිහිටුවන ලද ජෝර්දාන් ව්‍යවසාය සංවර්ධන සංස්ථාවේ (JEDCO) අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වේ.

තානාපතිනි ශානිකා දිසානායක මැතිනිය සිය සමාරම්භක දේශනයේ දී අවධාරණය කළේ ජෝර්දාන නිර්මාණකරුවන්ට ශ්‍රී ලාංකේය නිර්මාණකරුවන් සතු නිර්මාණ අත්දැකීම් සම්භාරය බෙදා දීමේ අපේක්ෂාවෙන් මෙම වැඩමුළුව තානාපති කාර්යාලය විසින් ආරම්භ කිරීමට මුලපිරූ බවයි. මෙම වැඩමුළුව සංවිධානය කළ කණ්ඩායමට නායකත්වය ලබා දුන් සාමාන්‍යාධිකාරී ඉෂාර විජේමාන්න මහතා සිය ආදි ශිෂ්‍යයින් තිදෙනෙකු වන හවුස් ඔෆ් ලොනාලි ආයතනයේ ලොනාලි රොද්‍රිගෝ මහත්මිය, නිව්යෝර්ක් හි ස්ථාපිත කුර් කලෙක්ෂන් හි නිර්මාතෘ කසුනි රත්නසූරිය මහත්මිය මෙන්ම දේශීය හා ගෝලීය වශයෙන් නිර්මාණ අලෙවිකරණයේ දී සාර්ථක වූ අමේෂ් විජේසේකර මහතා යන අයගේ කාර්යභාරය ඉස්මතු කළේය.

ෆැබියුලස් ඇගළුම් ආයතනයේ නිර්මාතෘ රංජුල හේරත් මහතා විසින් ජෝර්දාන ජාතික සිසුන් හට සමෘද්ධිමත් සහ ඵලදායී වෘත්තියක් සඳහා විලාසිතා ක්ෂේත්‍රය තුළ සිය නිර්මාණාත්මක සහ උපායමාර්ගික චින්තනය වර්ධනය කර ගැනීමට මග පෙන්වීම සඳහා වටිනා අදහස්වලින් යුත් අන්තර්ක්‍රියාකාරී ප්‍රශ්න සහ පිළිතුරු සැසියක් පවත්වන ලදි.

සැප්තැම්බර් මස 13 වන දින පැවති මෙම වැඩමුළුව ශ්‍රී ලංකාව සහ ජෝර්දානය අතර සංස්කෘතික සබඳතා ඉහළ නැංවීම සඳහා තානාපති කාර්යාලය විසින් සැලසුම් කරන ලද සංස්කෘතික ක්‍රියාකාරකම් මාලාවක කොටසකි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ජෝර්දානය

2022 සැප්තැම්බර් 23 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close