ශ්‍රී  ලංකාවේ  කුළුබඩු ගැන කියන්න ජෝර්දානයේදී ඉවුම් පිහුම් ප්‍රදර්ශනයක්

ශ්‍රී  ලංකාවේ  කුළුබඩු ගැන කියන්න ජෝර්දානයේදී ඉවුම් පිහුම් ප්‍රදර්ශනයක්

                                                                

ශ්‍රී ලංකාවේ පිරිසිදු කළු ගම්මිරිස්, කරඳමුංගු වැනි කුළුබඩු පිළිබද විදේශයන්හි දී පුළුල් ප්‍රචාරයක් ලබා දෙමින් ජෝර්දානයේ ඉන්ටර්කොන්ටිනල් හෝටලයේදී ශ්‍රී ලංකාවේ ඉවුම් පිහුම් වැඩසටහනක් 2020 සැප්තැම්බර් මස 23 වනදා පැවැත්විණි. ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට ෆැමිලි ෆ්ලේවර්ස් සඟරාව සමඟ එක්ව පවත්වන ලද මෙම ප්‍රදර්ශනය මෙහෙයවනු ලැබුවේ මෙරට ජනප්‍රිය සූපවෙිදියෙකු වන තාරක ජයසේකර විසිනි.

මෙහිදී අදහස් දැක්වූ ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති ශානිකා දිසානායක මහත්මිය සඳහන් කළේ එදිනෙදා ඉවුම් පිහුම් කටයුතුවලදී ශ්‍රී ලංකා කුළුබඩු භාවිතා කීරිම මනුෂ්‍ය සෞඛ්‍යයයේ යහ පැවැත්මට ඉවහල් වන බවය. ශ්‍රී ලංකා කුළුබඩු සඳහා භූ විද්‍යාත්මක දර්ශක හා වෙළඳ නාම ලබා ගන්නා ආකාරය පිළිබඳව ද මෙහිදී දැනුවත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ජෝර්දානය

2020 ඔක්තෝම්බර් 26

Print Friendly, PDF & Email
Please follow and like us:

Close