ශ්‍රි ලංකාවේ අපනයනයට තායිලන්තයේ වැඩි ඉඩක්

ශ්‍රි ලංකාවේ අපනයනයට තායිලන්තයේ වැඩි ඉඩක්

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන තායිලන්තට අපනයනය කීරිම තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා තායිලන්තයේ විශාල ඉඩකඩක් පවතින බව ශ්‍රි ලංකාවේ තායිලන්ත තානාපතිනි චාර්ට්සුවාන් මහත්මිය පැවසුවාය. ඇය මේ බව සඳහන් කෙළේ විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහචාර්ය ජයනාත් කොළඹගේ මහතා හමු වූ අවස්ථාවේදීය. ඉකුත් 10 වැනිදා මෙම හමුව විදේශ අමාත්‍යංශයේදී සිදුවිය. දෙරට අතර විවිධාංගීකරණය වූ අංශවල සහයෝගීතා ක්ෂේත්‍රයන් වේගවත් කළ හැකි මාර්ග හා දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවය ශක්තිමත් හා වේගවත් කළ හැකි ක්‍රම පිළිබඳවද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කළහ.

තායිලන්ත ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ දැනට පැවැත්වෙන සාකච්ඡා මෙම හමුවේදී ඇගැයුමට ලක් වූ  අතර, එම ක්ෂේත්‍රයේ  දෙපාර්ශ්වයම විසින් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. ‘ශ්‍රී ලංකා-තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම’ පිළිබඳ පළමු වටයේ සාකච්ඡා 2018 දී තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකාවේ නිල සංචාරය අතරතුර දී පැවැත්විණි. ‘ශ්‍රී ලංකා-තායිලන්ත වෙළඳ සාකච්ඡා කමිටුවේ’ දෙවැනි රැස්වීම 2019 දී පැවැත්විණි. වැඩි දියුණු කළ ආර්ථික සහයෝගීතාවයේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා, මෙම සාකච්ඡා ක්‍රියාවලිය කඩිනමින් අවසන් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව දෙපාර්ශ්වයම අනුමත කළහ

තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ නිල සංචාරය අතරතුර දී අත්සන් තබන ලද උපායමාර්ගික ආර්ථික හවුල්කාරිත්වය (SEP) ක්‍රියාත්මක කිරීම තුළින්  උපායමාර්ගික ආර්ථික හවුල්කාරිත්වය, යටිතල පහසුකම්, කෘෂිකාර්මික, ධීවර කටයුතු, මැණික් හා ස්වර්ණාභරණ, සංචාරක කටයුතු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, මූල්‍ය සහයෝගීතාව, ඇසුරුම්කරණ කර්මාන්ත, තොරතුරු තාක්ෂණ අංශ සංවර්ධනය සහ අන්‍යෝන්‍ය වශයෙන් ආර්ථික උනන්දුවක් දක්වන වෙනත් ක්ෂේත්‍ර යන අංශ 10 ක් යටතේ සහයෝගීතාව දක්වයි.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය සියවස් ගණනාවක් පුරා සදාතනික, අන්‍යෝන්‍ය වශයෙන් සුපෝෂිත සබඳතාවයක් පවත්වා ගෙන යයි. දෙරටේ ජනතාව ථෙරවාදී බෞද්ධ සබඳතාවලින් බැඳී සිටින අතර, 1955 දී විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවාගත් දින සිට දෙරට අතර සහයෝගීතාවය විවිධ අංශ කරා අඛණ්ඩව සමෘද්ධිමත් හා විවිධාංගීකරණය වී තිබේ.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2020 දෙසැම්බර් 14 දින

.............................................

ஊடக வெளியீடு

பொருளாதார ஒத்துழைப்புக்கான பன்முகப்படுத்தப்பட்ட பகுதிகளில் தாய்லாந்தின் பங்காளியாக இலங்கை

2020 டிசம்பர் 10ஆந் திகதி வெளியுறவுச் செயலாளர் அட்மிரல் பேராசிரியர் கொலம்பகே அவர்களை மரியாதை நிமித்தம் சந்தித்த இலங்கைக்கான தாய்லாந்தின் தூதுவர் சூலாமணி சார்ட்சுவன், பன்முகப்படுத்தப்பட்ட துறைகளிலான ஒத்துழைப்பின் பகுதிகளை விரைவாக்குவதற்கான வழிமுறைகளை கண்டறிவது குறித்து கலந்துரையாடினார்.

இருதரப்பு உறவை வலுப்படுத்தவும், விரைவாகக் கண்காணிக்கும் வழிகள் குறித்தும் இரு பிரமுகர்களினதும் கலந்துரையாடல்களின் போது கவனம் செலுத்தப்பட்டது. தாய்லாந்து இலங்கை சுதந்திர வர்த்தக ஒப்பந்தம் தொடர்பாக நடைபெற்று வரும் கலந்துரையாடல்களை இருவரும் பாராட்டியதுடன், இரு தரப்பினரும் மேற்கொண்டுள்ள முன்னேற்றம் குறித்தும் குறிப்பிட்டனர். 'இலங்கை - தாய்லாந்து சுதந்திர வர்த்தக ஒப்பந்தத்தின்' முதல் சுற்றுப் பேச்சுவார்த்தைகள் 2018ல் தாய்லாந்துப் பிரதமரின் உத்தியோகபூர்வ விஜயத்தின் போது நடைபெற்றது. 'இலங்கை - தாய்லாந்து வர்த்தகப் பேச்சுவார்த்தைக் குழுவின்' இரண்டாவது கூட்டம் 2019இல் நடைபெற்றது. மேம்பட்ட பொருளாதார ஒத்துழைப்புக்கான பலன்களைப் பெறுவதற்கான பேச்சுவார்த்தை செயன்முறை விரைவில் நிறைவடையும் என நம்புவதாக இரு தரப்பினரும் அங்கீகரித்தனர்.

தாய்லாந்துப் பிரதமரின் உத்தியோகபூர்வ விஜயத்தின் போது கைச்சாத்திடப்பட்ட மூலோபாயப் பொருளாதாரக் கூட்டுறவை நடைமுறைப்படுத்துவதன் மூலம் இலங்கைக்கான தாய்லாந்தின் ஏற்றுமதியை மேலும் விரிவுபடுத்துவதற்கு அதிக வாய்ப்புக்கள் உள்ளதாக உயர் ஸ்தானிகர் சார்ட்சுவான் தெரிவித்தார். உட்கட்டமைப்பு, விவசாயம், மீன்வளம், மாணிக்கக் கற்கள் மற்றும் ஆபரணம், சுற்றுலா, சிறிய மற்றும் நடுத்தர நிறுவனங்கள், நிதி ஒத்துழைப்பு, பொதியிடல் தொழில்துறைகள், தகவல் தொழில்நுட்பத் துறையின் அபிவிருத்தி மற்றும் பரஸ்பரப் பொருளாதார ஆர்வத்தின் ஏனைய துறைகள் போன்ற 10 துறைகளின் கீழான ஒத்துழைப்பை மூலோபாயப் பொருளாதாரக் கூட்டாண்மை அடிக்கோடிட்டுக் காட்டுகின்றது.

இலங்கையும் தாய்லாந்தும் பல நூற்றாண்டுகளாக பரஸ்பரம் வளமான உறவுகளைத் தக்கவைத்து வருகின்றன. இரு நாடுகளினதும் மக்களும் தேரவாத பௌத்தத் தொடர்புகளால் பிணைக்கப்பட்டுள்ளதுடன், 1955ஆம் ஆண்டில் முறையான இராஜதந்திர உறவுகள் நிறுவப்பட்டதிலிருந்து ஒத்துழைப்பின் பன்முகப் பகுதிகளாக இரு நாடுகளும் தொடர்ந்தும் வளர்ந்து வருகின்றன.

வெளிநாட்டு அமைச்சு

கொழும்பு

 

2020 டிசம்பர் 14

Print Friendly, PDF & Email
Please follow and like us:

Close