
විදේශ ලේකම්වරුන්ගේ නායකත්වයෙන් යුක්තව ශ්‍රී ලංකාව සහ භූතානය අතර පැවැති ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන සාකච්ඡාවල දෙවැනි සැසිවාරය 2025 මැයි 27 වැනි දින තිම්පු නුවරදී සාර්ථකව අවසන් වූ අතර, එය භූතානය සහ ශ්‍රී ලංකාව අතර පවතින සම්බන්ධතාවේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.
2025 මැයි 27 සිට 28 වැනි දින දක්වා භූතානයේ නිල සංචාරයක නිරත වූ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා මහත්මිය, භූතාන විදේශ ලේකම් පේමා චෝඩන් මහත්මිය සමඟ ද්විපාර්ශ්වික සංවාදයේ දෙවන සැසිවාරයේ සම සභාපතිත්වය දැරුවාය. එහි පළමු සැසිය 2015 වසරේ නොවැම්බර් මාසයේදී කොළඹදී පැවැත්විණි.
අඟහරුවාදා දින තිම්පු නුවර පැවැති සාකච්ඡාවලදී, අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය, සම්බන්ධතාව, වෙළෙඳාම සහ ආයෝජන, දේශගුණික විපර්යාස, සංචාරක ව්‍යාපාරය, සංස්කෘතිය සහ පුද්ගල-පුද්ගල සම්බන්ධතා ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර රාශියක් පිළිබඳව සාකච්ඡාවට ලක්විය. වත්මන් සහයෝගීතාවේ ප්‍රගතිය දෙපාර්ශ්වයම සමාලෝචනය කළ අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන මාර්ග ගවේෂණය කරනු ලැබිණි.
රටවල් දෙකම සාමාජිකත්වය දරන කලාපීය සහ බහුපාර්ශ්වික සංසදවල වත්මන් වර්ධනයන් පිළිබඳ සාකච්ඡාද උපදේශනවලට ඇතුළත් විය. ශ්‍රී ලංකාව සහ භූතානය, පොදු අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීමට සහ පොදු අභියෝගවලට මුහුණ දීමට එක්ව කටයුතු කිරීමට ඇති ඔවුන් සතු කැපවීම නැවත තහවුරු කළහ.
මෙම සංචාරය අතරතුර, විදේශ ලේකම් රණරාජා මහත්මිය භූතාන අග්‍රාමාත්‍ය ලියොන්චෙන් දාෂෝ ශෙරින් ටොබ්ගේ සහ විදේශ කටයුතු සහ විදේශ වෙළෙඳ අමාත්‍ය ලියොන්පෝ ඩී.එන්. දුන්යෙල් යන මහත්වරුන් හමුවූවාය. ශ්‍රී ලංකාවේ වත්මන් වර්ධනයන් පිළිබඳව ඇය භූතාන නායකයින් දැනුම්වත් කළ අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා කළාය.
විදේශ ලේකම් රණරාජා මහත්මිය, සෞඛ්‍ය අමාත්‍ය ටැන්ඩින් වැන්ග්චුක්; අධ්‍යාපන හා කුසලතා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ශෙවාන්ග් සී. ඩෝර්ජි; සහ රාජකීය සිවිල් සේවා කොමිසමේ කොමසාරිස් බාබු රාම් ෂර්පා යන මහත්වරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූවාය. මෙම රැස්වීම්වලදී අධ්‍යාපනය, මානව සම්පත් සහ සෞඛ්‍ය යන ක්ෂේත්රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු විය.
ශ්‍රී ලංකා දූත පිරිසට භූතානයේ ශ්‍රී ලංකා තානාපති ධර්මපාල වීරක්කොඩි; විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ දකුණු ආසියානු සහ සාර්ක් අංශයේ අධ්යක්ෂ ජනරාල් නිලූක කදුරුගමුව; සහ සහකාර අධ්යක්ෂ ඩයනා පෙරේරා යන මහත්ම මහත්මීහු ඇතුළත් වූහ. විදේශ ලේකම් පේමා චෝඩන් මහත්මිය භූතාන දූත පිරිසට නායකත්වය දුන් අතර විදේශ කටයුතු සහ විදේශ වෙළෙඳ අමාත්‍යාංශයේ මෙන්ම භූතානයේ තවත් අමාත්‍යාංශ සහ ආයතන කිහිපයක ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද එයට ඇතුළත් වූහ.
ශ්‍රී ලංකාව සහ භූතානය 1987 වසරේදී විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කර ගත් අතර බෞද්ධ වටිනාකම්, අන්‍යෝන්‍ය ගෞරවය සහ යහපත් සහයෝගීතාව මත පදනම් වූ ක්‍රියාකාරී සම්බන්ධතාවක් වර්ධනය කර ඇත. 2025 අප්‍රේල් මාසයේ බැංකොක් නුවර පැවැති බිම්ස්ටෙක් සමුළුවේදී භූතාන අගමැති ෂෙරින් ටොබ්ගේ මහතා අගමැති ආචාර්ය හරිනි අමරසූරිය හමුවූවාය. ඔහු 2015 වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ නිල සංචාරක ද නිරත වූ අතර, එම සංචාරයේදී භූතාන රජය විසින් කරන ලද ඉල්ලීමකට අනුව, ශ්‍රී ලංකාව භූතානය වෙත පූජනීය ශ්‍රී මහාබෝධියේ අංකුරයක් පිරිනැමූ අතර එය මේ වන විට රාජකීය මුතුන් මිත්තන්ගේ නිවහන වන රාජධානියේ ඊසානදිග දිස්ත්‍රික්කයේ තැන්පත් කර ඇත.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 මැයි 28 වැනි දින









