විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ද්විපාර්ශ්වික ගැටළු සාකච්ඡා කිරීම සඳහා ඇෆ්ගනිස්ථාන තානාපතිවරයා හමුවෙයි

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ද්විපාර්ශ්වික ගැටළු සාකච්ඡා කිරීම සඳහා ඇෆ්ගනිස්ථාන තානාපතිවරයා හමුවෙයි

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා 2021 මාර්තු 19 වැනි දින ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථාන තානාපති අෂ්රෆ් හයිදාරි මැතිතුමා විදේශ අමාත්‍යාංශයේ දී හමුවිය.

ඇෆ්ගනිස්ථානයේ පවත්නා සාම ක්‍රියාවලිය විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා වෙත කෙටි විස්තරයක් කළ තානාපති හයිදාරි මැතිතුමා, එතුළින් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා තම රට අපේක්ෂා කරන බව පැවසීය. ඇෆ්ගනිස්ථානයට කල් පවත්නා සාමය සහ ආරක්ෂාව ළඟාවන ලෙස ප්‍රාර්ථනා කරන අතරම, සිවිල් වැසියන් කිහිප දෙනෙකුගේ දිවි අහිමි කිරීමට හේතු වෙමින්, කාබුල් හි මෑතකදී සිදු වූ ත්‍රස්ත ක්‍රියා විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා තරයේ හෙළා දුටුවේය.

පවත්නා සබඳතා ඔප්නංවා ගැනීම සඳහා ඔවුන්ගේ දැඩි කැපවීමත් සමඟ ද්විපාර්ශ්වික කටයුතුවල වර්තමාන ප්‍රගතිය තවදුරටත් ඉහළ නංවා දිගටම පවත්වාගෙන යාමට සම්භාවනීය අමුත්තන් දෙපළ එකඟ වූහ. ඒ සඳහා ක්ෂණික පියවරක් ලෙස, යෝජිත අවබෝධතා ගිවිසුම පිළිබඳ කටයුතු ලබන මාසයේ දී අවසන් කරමින්, ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමතිය ලබා දී ඇති විදේශ කාර්යාලවල දේශපාලන උපදේශන කටයුතු ආරම්භ කිරීම සඳහා අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා සහ තානාපති හයිදාරි මැතිතුමා එකඟ වූහ. මරණීය දණ්ඩනය නියම වූ පුද්ගලයින් මාරු කිරීම පිළිබඳ ගිවිසුමක්, ගුවන් සේවා ගිවිසුමක් සහ රාජ්‍යතාන්ත්‍රික වීසා බලපත්‍ර අත්හැරීම සහ ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම් දෙකක් ඇතුළත් වන, අනෙක් ද්විපාර්ශ්වික නෛතික ලේඛන සම්බන්ධයෙන් ද කඩිනම් පියවර ගන්නා බවට ද එකඟතාවයක් ඇති විය.

සමීප අසල්වැසි රටවල් ලෙස මෙන්ම, සාර්ක් සාමාජිකයින් වීම අනුව, දෙරට අතර වෙළඳ හා ආර්ථික සහයෝගීතාවය පිළිබඳ අනාගත විභවය සම්බන්ධයෙන් දෙරටේ අදාළ වාණිජ මණ්ඩල හරහා ගවේෂණය කළ යුතුය යන හැඟීම දෙපාර්ශ්වයම බෙදා ගත්හ. දෙරට අතර සෘජු ගුවන් සම්බන්ධතා ඇති කිරීමට යෝජනා කරන අතරම, තේ, මැණික් හා ස්වර්ණාභරණ, වියළි පලතුරු, ඇට වර්ග සහ ධාන්‍ය වර්ග ඇතුළු ද්විපාර්ශ්වික වෙළඳාම සඳහා ඉහළ විභවයක් පවතින ක්ෂේත‍්‍ර ක්ෂේත්‍ර පිළිබඳව ගවේෂණය කරන ලෙස ද තානාපති හයිදාරි මැතිතුමා ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.

බාමියන් වැනි බෞද්ධ උරුම ප්‍රදේශයන් ඇතුළුව, ඇෆ්ගනිස්ථානයේ නිල සංචාරයක නිරත වීම සඳහා පැමිණෙන ලෙස ද තානාපති හයිදාරි මැතිතුමා අමාත්‍ය ගුණවර්ධන මැතිතුමාට ආරාධනා කළේය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

 

2021 මාර්තු 22 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close