ලෝක ආහාර සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජියා ලෙස පත් වූ (Aburrahim Siddiqui) අබුරහීම් සිද්ධිකි මහතා සිය අක්ත පත්‍ර විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට පිළිගන්වයි

ලෝක ආහාර සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජියා ලෙස පත් වූ (Aburrahim Siddiqui) අබුරහීම් සිද්ධිකි මහතා සිය අක්ත පත්‍ර විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට පිළිගන්වයි

ලෝක ආහාර සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජියා ලෙස පත් වූ (Aburrahim Siddiqui) අබුරහීම් සිද්ධිකි මහතා සිය අක්ත පත්‍ර විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට පිළි ගැන්වීම අප්‍රේල් 03 වැනි දින විදේශ අමාත්‍යංශයේදී සිදු විය.

ලෝක ආහාර සංවිධනයේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා ලෙස මෙතෙක් සේවය කළ බෙන්ඩාර් බර්ටන් මෙනවිය (Brenda Barton) විශිෂ්ඨ සේවයක් කළ බවත් එවැනිම සහයෝගීතාවයක් නව නියෝජිතයාගෙන් ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවත් අක්ත පත්‍ර බාර ගනිමින් විදේශ අමාත්‍ය ගුණවර්ධන මහතා සඳහන් කළේය.

මෙහිදී අදහස් ප්‍රකාශ කළ ලෝක ආහාර සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජනය කරන නව නියෝජිත අබුරහීම් මහතා ශ්‍රී ලංකාව හා ලෝක ආහාර සංවිධානය අතර දැනට පවතින කිට්ටු හා මිත්‍ර සබඳතාව තව දුරටත් තහවුරු කිරීමට කටයුතු කරන බව සඳහන් කළේය.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2021 මැයි මස 04 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close