බෙලාරස්- ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා  වැඩි දියුණු කීරීමට පියවර ගැනේ

බෙලාරස්- ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා  වැඩි දියුණු කීරීමට පියවර ගැනේ

ශ්‍රී ලංකාව සහ බෙලරුසියාව අතර විශේෂයෙන් වෙළඳ හා ආයෝජන ඇතුළු සෑම ක්ෂේත්‍රයකම ද්විපාර්ශ්වික සබඳතා තීව්‍රර කිරීමට රුසියානු තානාපතිවරයා හා ඔහු ගේ කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබේ.තානාපතිවරයා හා ඔහු ගේ දූත පිරිස බෙලාරස් හි කල සංචාරයක් අතරතුර මේ පිළිබඳව අවධානය යොමු කර තිබේ.

තානාපති කාර්යාලය බෙලාරස්  හි දී ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාකාරකම් මාලාවක් සංවිධානය කර තිබේ. මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හා බෙලාරස්  වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සමඟ එක්ව බෙලාරස් හි ජාතික අලෙවිකරණ හා මිල අධ්‍යයනය පිළිබඳ මධ්‍යස්ථානය සමඟ 2021 මැයි 17 වැනි දින බෙලාරස් - ශ්‍රී ලංකා වෙළඳ සංවර්ධනයේ අපේක්ෂාවන් පිළිබඳ වෙබිනාර් සාකච්ඡාවක් සංවිධානය කළේය.

මෙම සාකච්ඡාව ආරම්භ කළ රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය එම්.ඩී. ලමාවංශ මැතිතුමා, සිය පිළිගැනීමේ කතාවේ දී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කරමින්, ආර්ථික ක්ෂේත්‍රයේ සහයෝගීතාවය සඳහා පහසුකම් සැලසීමට තානාපති කාර්යාලයේ අභිප්‍රාය ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්/සංවර්ධන මාලනී බැද්දෙගමගේ මහත්මිය සහභාගී වූවන් පිළිගනිමින්, බෙලාරස්  ජනරජය ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා වර්ධනය කර ගත හැකි වෙළඳපොළක් ලෙස සලකනු ලබන බව සඳහන් කළ අතර, තේ, කුරුඳු, කුළුබඩු, මුහුදු ආහාර, පළතුරු සහ එළවළු, පොල් නිෂ්පාදන වැනි කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ අපනයන හැකියාව පිළිබඳව ඉදිරිපත් කිරීමක් කළාය. කාර්මික නිෂ්පාදන අධ්‍යක්ෂ හර්ෂ පත්බේරිය මහතා, අපනයන කාර්මික නිෂ්පාදන පිළිබඳ ඉදිරිපත් කිරීමක් කළේය.බෙලාරුසියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති ඩෙනිස් මෙලෙෂ්කින් මහතා සහභාගී වූවන් සාදරයෙන් පිළිගනිමින්, ශ්‍රී ලාංකික අපනයනකරුවන් සඳහා ඔවුන්ගේ සහයෝගය සහතික කළ අතර බෙලාරස්  ජනරජයෙන් විශ්වාසදායක හවුල්කරුවන් සොයා ගැනීමට සහාය වන බව පළ කළේය.

බෙලාරස් හි ජාතික ආයෝජන හා පුද්ගලීකරණ ඒජන්සියේ අලෙවිකරණය පිළිබඳ විශේෂඥ නාඩියා පල්ටාරක් මහත්මිය බෙලාරස් ජනරජයේ ව්‍යාපාරික වාතාවරණය පිළිබඳ ඉදිරිපත් කිරීමක් කළාය.බෙලාරස්  හි ජාතික අලෙවිකරණ හා මිල අධ්‍යයනය පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වැලරි සදෝහෝ මහතා තම සංවිධානය විසින් සපයනු ලබන සේවාවන් පිළිබඳව ඉදිරිපත් කිරීමක් කළ අතර, එම සංවිධානයේම ජාත්‍යන්තර සහයෝගීතා අංශයේ ප්‍රධානී එව්ජීනියා කොමරෝවා මහත්මිය බෙලාරස්- ශ්‍රී ලංකා වෙළඳ හා ආර්ථික සහයෝගීතාව සඳහා ප්‍රමුඛතා අංශ ඉස්මතු කරමින් ඉදිරිපත් කිරීම අඛණ්ඩව සිදුකළාය. බෙලාරස්  හි ජාතික අලෙවිකරණ හා මිල අධ්‍යයනය සඳහා වූ මධ්‍යස්ථානය, අලෙවිකරණ පර්යේෂණ පැවැත්වීම සඳහා සහාය ලබා දීමට සහ ශ්‍රී ලංකාවෙන් බෙලරුසියානු වෙළඳපොළට විභව නිෂ්පාදන ආනයනය කිරීම සඳහා බෙලාරුසියානු ගැනුම්කරුවන් සොයා ගැනීම සඳහා පවතින කැමැත්ත ඉස්මතු කළේය.

මෙම වෙබිනාර් සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ සහ බෙලාරස්  හි සමාගම් නියෝජනය කරමින් සැලකිය යුතු පිරිසක් සහභාගී වූහ. මෙම සාකච්ඡාව දෙපාර්ශ්වයේම ප්‍රේක්ෂකයින් තුළ දැඩි උනන්දුවක් ඇති කළේය. නුදුරු අනාගතයේ දී විශේෂිත අංශයන්හි අන්තර් ව්‍යාපාර සැසිවාර අඛණ්ඩව පැවැත්වීම සඳහා දෙපාර්ශ්වයම එකඟ වී ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
රුසියානු සමූහාණ්ඩුව

2021 මැයි මස 25 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close