ලෙබනනයේ සහ සිරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඇසළ සැමරුම - 2021

ලෙබනනයේ සහ සිරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඇසළ සැමරුම – 2021

රාජ්‍ය තාන්ත්‍රික හා ප්‍රජා සුබ සාධන වැඩසටහනේ කොටසක් ලෙස “සත් බුදු වන්දනාව” ඇසළ පොහොය වැඩසටහන 2021 ජූලි මස 25 වන ඉරිදා දින තානාපති කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදි.

චිත්තාභ්‍යාස ඉංග්‍රීසි සිංහල ද්විභාෂා මූලික පිරිවෙනේ ආචාර්ය, පූජ්‍ය මැණික්දිවෙල විජිතරතන හිමි විසින් මෙහෙයවන ලද වැඩසටහනට ශ්‍රී ලාංකික විගමණික ප්‍රජාවමෙන්ම ලෙබනයේ මුස්ලිම් හා කතෝලික ප්‍රජාවද සහභාගි විය.

“සත්බුදු වන්දනාව” වැඩසටහන රත්නදීප ජාත්‍යන්තර විගමණික මණ්ඩපය විසින් සංවිධානය කල අතර එහි නිර්මාතෘ හා සභාපති කුසුම් කොඩිකාර මහත්මිය හා ශීලා හේරත් මහත්මියගේ මගපෙන්වීම මත විගමණික ප්‍රජාව වැඩසටහනට සම්බන්ධ වූ අතර  පූජ්‍ය මැණික්දිවෙල විජිතරතන හිමි විසින් සූම් තාක්ෂණය ඔස්සේ වැඩසටහන මෙහෙයවන ලදි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
ලෙබනන්

2021 ජූලි මස 28 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close