ලංකා තේ වෙනුවෙන් මුව ආවරණ බෙදා දෙයි

ලංකා තේ වෙනුවෙන් මුව ආවරණ බෙදා දෙයි

ප්‍රංශයේ පැවැති සැලෝන් සෙන් වෙළඳ ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවේ තේ ප්‍රචලිත කීරිමේ අරමුණින් ceylon tea වෙළඳ නාමය සහිත මුව ආවරණ බෙදා හැරිමට ශ්‍රී ලංකා තේ මණ්ඩලය කටයුතු කර තිබුණි.

මෙම වෙළඳ ප්‍රදර්ශනය 2020 ඔක්තෝබර් 1 - 5 දක්වා දින 05ක් මුළුල්ලේ පැරිස් නගරයේදී පැවති අතර 35,000 කට අධික පිරිසක් ඊට සහභාගී වූහ.

ගෝලීය වෙළඳ නාමයක් වශයෙන් ශ්‍රී ලංකා තේ පිළිබඳව ඇති දැනුවත්භාවය වැඩි කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා තේ මණ්ඩලය තුටු පඬුරක් ලබාදීමේ පදනමක් මත ලොව පුරා සිටින ව්‍යාපාරික ප්‍රජාව අතරේ ලංකා තේ වෙළඳ නාමය යොදා මුව ආවරණයක් හඳුන්වා දී තිබේ. අයිස් තේ නිෂ්පාදනයේ අතුරු ඵලයක් වන තේ සායම් යොදා ගනිමින් මෙම මුව ආවරණයට සායම් පොවා තිබීම මෙම මුව ආවරණයේ විශේෂත්වයයි. 30 වාරයකට අධික වාර ප්‍රමාණයක් නැවත නැවතත් සේදිය හැකි හා ස්වභාවික ක්ෂුද්‍ර ජීවීන්ට (AATCC 100) එරෙහිව ක්‍රියා කළ හැකි මෙම මුඛ ආවරණය, ජෛවීය බිඳ හෙළීමට ලක් වීම, පරිසර හිතකාමී හා විෂ සහිත නොවීම යන වාසි සහගත ලක්ෂණවලින් සමන්විත වෙයි.

මෙම ලංකා තේ මුව ආවරණ "ගුආයපි" (Guayapi) කාබනික ලංකා තේ සමඟ "සැලොන් සෙන්"  ප්‍රදර්ශනයේදී බෙදා හරින ලදී. කාබනික තේ, කාබනික  කුළුබඩු, කිතුල් පැණි, කුරක්කන් හා ශාඛමය නිෂ්පාදන වැනි විවිධ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාබනික නිෂ්පාදන ප්‍රංශ ගනුදෙනුකරුවන්ට "ගුආයපි" බෙදා හරියි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
පැරිස්

2020 ඔක්තෝබර් 22 වැනි දින

   

Print Friendly, PDF & Email
Please follow and like us:

Close